සාමාන්‍යයෙන් නළු නිළියන් එකතු වුණාම ඔවුන් මුහුණපාපු අත්දැකීම් වගේම ගෙදරදොර සිදුවීමුත් කියන්න පසුබට වෙන්නෙ නැහැ. අපේ ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරිත් මේ වගේ අපූරු සිදුවීමක් මතක් කළේ පසුගිය දවසක කලාකරුවන් එකතු වූ මොහොතකයි. 

සරත්ට ඉන්නේ පුතයි දුවයි. අද ඒ දෙන්නම ලොකු දරුවන් වුණත් පුංචි කළෙ මේ දෙන්නා හරිම හුරතල්. දුව එක වසරේ ඉගෙන ගන්නකොට පුතා හතර වසරේ පාසල් සිසුවෙක්. දුව පාසල් යන්න පාන්දරින්ම නැගිටිනවා. පළමු වසරට දාපු දවසේ ඇය පාසල් යන්න නැගිටින්නේ පාන්දර 5.30ට. එත් පුතා හය හමාර විතර වෙනකම්ම නිදා ගන්නවලු. ඉතින් සරත් පුතාව නැගිටුවන්න ළඟට ගිහින් 'අනේ පුතේ බලන්නකො නංගී පාන්දර ඉඳලම ඉස්කෝලෙ යන්න ලැහැස්ති වෙනවා. ඔයා තාම නිදි. බලන්නකො නංගිට තියෙන උනන්දුව. ඔයාට නැහැනෙ. කියලා කිව්වලු. ඒත් ඒ දේවල් පුතා ගණනකට අරගෙන නැතුව කොට්ටෙත් බදාගෙන අනෙක් පැත්ත හැරිලා මෙහෙම කිව්වලු. 'හරි හරි එහොම ඉන්නකො. නංගි තවම එක වසරෙනෙ. හතරට ආවහම එයත් මේ වගේම වෙයි. කියලා. සරත්ට උත්තරත් නැති වුණාලු.



නුගේගොඩදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ ජන රැළි වේදිකාවට ගොඩවුණහොත් තම දියණිය අත්අඩංගුවට ගන්නා බවට ආණ්ඩුවේ පාර්ශව වෙතින් දිගින් දිගටම අනතුරු ඇගවීම් ලැබෙමින් පවතින බව හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ පුත්තලම දිස්ත්‍රීක් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දන්වා ඇතැයි වාර්තා වේ.

ප්‍රියංකර ජයරත්න මහතා සඳහන් කර ඇති පරිදි මෙසේ බලපෑම් එල්ල වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රීක්කයේ සක්‍රිය දේශපාලනයේ නියුතු ඔහුගේ බාල දියණිය වන සචිනී ජයරත්න මෙනවිය ඉලක්ක කර ගනිමිනි.

සිය පියා සිවිල් ගුවන් සේවා ඇමතිව සිටියදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ ජාත්‍යන්තර සම්බන්ධිකරණ නිලධාරීනිය ලෙස වැටුප් ලබා ගෙන ඇති ඇය, කිසිඳු දිනෙක රාජකාරියට වාර්තා නොකොට මුල්‍ය අවභාවිතාවක් සිදු කිරීමේ චෝදනාව මත පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාය (FCID ) විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එම තත්වය තුල නුගේගොඩ රැළියට සහභාගී නොවන ලෙස ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයට උපදෙස් දී ඇති මහින්ද රාජපක්ෂ මහතා, සුදුසු වෙලාව පැමිණි පසු තමන් සමඟ ප්‍රසිද්ධියේ කටයුතු කරන ලෙස ඔහුට දන්වා ඇති බවද වාර්තා වෙයි.


ගෑස් යන්ත්‍ර උපයෝගී කර ගෙන පෙර ගෙවුම් කාඩ්පත් යන්ත්‍ර (ATM ) කඩා රුපියල් ලක්ෂ 57කට අධික මුදලක් සොරකම් කළ බව කියන කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ඇතුළු තිදෙනකු මීගමුව කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය මඟින් රුපියල් ලක්ෂ 30ක මුදලක් සමඟ (24) අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධියේ ප්‍රධාන මොළකරු ලෙස සැලකෙන අංක 75/5 මාතම්මන, මිනුවන්ගොඩ පදිංචි රත්නගිරි දේවගේ ධම්මික පුෂ්ප කුමාර (29) නමැත්තෙකි. ඔහු යුද හමුදා පාබළ ඒකකයේ වසර හතරක් පමණ කාලයක් සේවය කර ඇති අයෙකි.

මේ තැනැත්තාට මෙවැනිම අපරාධ සම්බන්ධයෙන් ලංකාවේ විවිධ පළාත්වල, අධිකරණවල නඩු 16ක්ද, වරෙන්තු 6ක්ද ඇත. මාතර, කොළඹ, කෑගල්ල, කුලියාපිටිය, මහව, මහනුවර, පොල්ගහවෙල, වත්තල, කුරුණෑගල සහ මීගමුව ප්‍රදේශවල බැංකු කඩා මොහු මුදල් සොරකම් කරගෙන ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගනු ලැබ සිටින මහඋස්සව, ආණමඩුව පදිංචි හේරත් මුදියන්සේලාගේ ධනංජය හේරත් කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි අධ්‍යයන අංශයේ කථීකාචාර්යවරයකු බව කියන අතර එංගලන්තයේදී ඉංග්‍රී භාෂාව පිළිබඳ ඩිප්ලෝමාවක්ද ලබා ගෙන තිබෙන බවත් ජපන් භාෂාව ඇතුළු භාෂා 6ක් චතුර ලෙස කතා කිරීමට නිපුණත්වයක් ඇති අයකු බවත් පොලිසිය කියයි.

මොහු වාහනවල ටින්කර් වැඩ කිරීම ගැන අති දක්ෂයෙක් බවත් ගෑස් උදුන් ආධාරයෙන් එම වැඩ කර ලබාගත් දැනුම මත ATM යන්ත්‍ර ගැස් උදුන් උපයෝගී කර ගෙන කපා වෙන් කර ඇත්තේ මොහු විසින් බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

පනාගමුව පොතුහැර පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ යසරත්න තෙන්නකෝන් නමැත්තා බැංකු කැඩීම සඳහා තැනින් තැන යෑමට වාහනයේ රියැදුරු වශයෙන් කටයුතු කළ අය බව හඳුනාගෙන ඇත.

මේ හතර දෙනාගේ කල්ලිය රාජ්‍ය බැංකු හා මූල්‍ය ආයතනවල ATM යන්ත්‍ර කඩා මුදල් සොකරම් කිරීමට නිතරම සංවිධානය වෙමින් සිටින්නන් බවත් පසුගිය 20 මෙලෙස බිබිලේ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රය කඩා මුදල් සොරකම් කිරීම සඳහා එම බැංකුව අසලට වාහනයකින් පැමිණ තිබෙන බවත් වාහනය රියැදුරු සමඟ බැංකුව අසල නවතා තිදෙනෙක් බැංකු පරිශ්‍රය තුළට ගොස් ඇති බවත් එම අවස්ථාවේ කණ්ඩායමක් බැංකුවට නුදුරින් ස්ථානයක මත්පැන් පානය කරමින් සිටියදී නවතා තිබූ වාහනය ගැන සැක සිතී රියැදුරුගෙන් ප්‍රශ්න කර තිබෙන අතර රියැදුරු රහසිගතව මේ ප්‍රශ්න කිරීම ගැන බැංකුවේ ATM යන්ත්‍රය කැඩීමට ගිය තිදෙනාට දැනුම් දුන් බවත් වහාම එම තිදෙනා පිටතට පැමිණ කාරයට නැඟී පලා ගිය බවත් කියයි.

නවතා තිබී පලාගිය වාහනයේ නොම්බරය මත්පැන් පානය කරමින් සිටි අය ලියා ගෙන තිබෙන අතර සීසීටීවී කැමරා පද්ධතියද පරීක්ෂා කර එම දර්ශනද උපයෝගී කර ගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ලංකාවේ විවිධ පළාත්වල ATM යන්ත්‍ර කඩා සිදු කර ඇති බැංකු කොල්ල ගැන කරුණු අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ.

සොරකම් කිරීම සඳහා ගමන් බිමන් යෑමට භාවිත කළ වාහනයද අත්අඩංගුවට ගෙන ඇත.


ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කපිතාන්වරයෙකු හා සිය කාර්ය මණ්ඩයට අපූරු සිදුවීමක් සිදුවෙලා තියෙනවා.

අදාළ කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලය සිය ගුවන් ගමන ආරම්භ කිරීමට ගුවන් තොටුපොළ වෙත පිවිසීමේදී  ගුවන් තොටුපොළ ආශ්‍රිත ප්‍ර දේශයේ මාර්ග බාධක යොදා විරෝධතාකරුවන් පිරිසක් විසින් විරෝධතාවයක නියැලී තිබෙනවා.

මේ හේතුවෙන් මෙම පුද්ගලයින්ට ගුවන් තොටුපොළ වෙත පිවිසීමට නොහැකී වී තිබෙන අතර. ඔවුන් තීරණය කර ඇත්තේ සිය ගුවන් යානයේ ගුවන් ගමන කල් දමා  නැවතත් සිය හෝටලය වෙත යෑමටයි.

කෙසේ වෙතත් සිය රාජකාරිය උතුම් කාරිය ලෙස ලෙස සිතා සිය ගුවන්  යානයේ කපිතාන් වරයා විසින් අපුරු වැඩක් කරලා තියෙනවා.

ඔහු කර ඇත්තේ ගුවන් තොටුපොළ වෙත පිවිසෙන  නිසි මාර්ගය මග හැර කැලෑ මාර්ගයක් ඔස්සේ කටුකම්බි වැටවල් වලින් රිංගා සිය ගුවන් තොටුපොළ වෙත සිය කාර්ය මණ්ඩලයද රැගෙන යෑමයි.

මෙසේ එම අසීරුතා මැදින් ගිය ගමන අසළ සිටි පුද්ගලයෙක් විසින් වීඩියෝගත කර තිබෙනවා.

මෙම කපිතාන්වරයා ඇතුළු සිය කාර්ය මණ්ඩලය මෙසේ අකරතැබ්බයට මුහුණ දී ඇත්තේ ඉන්දියාවේ මදුරායි ගුවන් තොටුපොළේදීය.

මදුරායි ගුවන් තොටුපොළේ  සිට කොළඹ කටුනායක ගුවන් තොටුපොළ වෙත ගුවන් යානයෙන් මෙම පිරිස පැමිණිමට නියමිතව තිබී ඇත.



ලොව හොඳම ගණිකාවන් සිටින්නේ රුසියාවේ බව ජනාධිපති ව්ලදිමීර් පූටින් පවසයි.

රුසියාවේ ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, 2013 ලෝක රූ රැජින තරගය අවස්ථාවේ මොස්කව් නුවර රිට්ස් කාල්ටන් හෝටලේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගණිකාවන් සමග සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් රුසියාව සතුව පවතින බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළකරමිනි.

එම චෝදනාව තරයේ බැහැර කළ ව්ලදිමීර් පූතින්, ඉන් අනතුරුව මෙසේද පැවසීය: "ඔහු ගණිකාවන් බලන්න හොටලේකට දිවුව කියල මම හිතන්නේ නෑ, හැබැයි අපේ ගණිකාවෝ, ලෝකේ හොඳම ගණිකාවෝ කියල කිසිම සැකයක් නෑ."


දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි ඛාන් සමඟ කබාලි චිත්‍රපටයේ රඟපෑ සුපිරි නිළි Dhansika කෙටි චිත්‍රපටයක් සඳහා රංගනයෙන් එක්වීමට සුදානම් වනබව වාර්තා වෙනවා.

සිනම් නම් එම ච්‍රිතපටයේ Dhansika ගණිකාවකගේ චරිතයක් සඳහා රංගනයෙන් එක්වීම පිළිබඳව බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

මෙලෙස ඇය ගණිකාවකගේ චරිතයක් සඳහා රංගනයෙන් එක්වන්නේ ඇයට රඟපෑම සඳහා චිත්‍රපට නොලැබීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.


ඉතාලියේ සුප්‍රසිද්ධ රූපවාහිනි නාලිකාවක ජනප්‍රිය නිවේදිකාවකට පහුගිය දවසක විශාල අකරතැබ්බයකට මුහුණදෙන්නට සිද්ධ වුණා.

ඒ තමයි ඇගේ නිරුවත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ ප්‍රසිද්ධවීම.

මේ සිදුවීමට මුහුණදීලා තියෙන්නේ වයස අවුරුදු 25ක් වන Diletta Leotta නම් රූපවාහිනි නිවේදිකාවයි.

ඇය ක්‍රීඩා පුවත් සම්බන්ධ මාධ්‍යවේදිනියක් ද වනවා.

ඇය තමන්ගේ ජංගම දුරකථනයෙන් ලබාගන්න ලද තමන්ගේම නිරුවත් ඡායාරූප කිහිපයක් ඇය විසින් icloud ගබඩාවට ඇතුළත් කර තිබෙනවා.

ඇගේ icloud ගිණුමට ඇතුළු වුන හැකවරුන් පිරිසක් පසුගිය දවසක ඇගේ එම ඡායාරූප හොර රහසේම Download කර ඒවා නැවත අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කර තිබෙනවා.

මේ පුවත සැලවීමත් සමග Diletta Leotta ඇගේ ට්විටර් ගිණුම හරහා පවසා තියෙන්නේ “හැම කෙනෙක්ටම තමන්ගේ ශරීරය සමග අවශ්‍ය දේවල් නිදහසේ කිරීමට පුළුවන් කියලයි”



ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම ප්‍රමුඛ පෙළ ශාකසාර ආශ්‍රිත සම්මානලාභී නිෂ්පාදන සමාගමක් වන ''නේචර්'ස් සීක්‍රට්" සමාගමේ 15 වන සංවත්සරයට සමගාමීව නව නිෂ්පාදන පෙළක් එළි දැක්වීම 'නේචර්'ස් සීක්‍රට්' සමාගමේ මිල්ලෑව ප්‍රදේශයේ පිහිටි නිෂ්පාදනාගාරයේ සහ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.ඒ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වූයේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක සහ රූපලාවන්‍ය ආශ්‍රිත පුහුණු පාඨමාලා රැසක් පවත්වාගෙන යන ආයතන හිමිකාරිනියක වන නයනා කරුණාරත්න මහත්මියයි.

මේ අවස්ථාව සදහා "නේචර්'ස් සීක්‍රට්" දිවයින පුරා අලෙවි ජාලය භාරව කටයුතු කරන අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් රැසක් ද සහභාගී වී සිටියා.දේශීය මාධ්‍ය ආයතන රැසක මාධ්‍යවේදීන්ද මේ අවස්ථාවට සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.

"නේචර්'ස් සීක්‍රට් බියුටි ක්‍රියේෂන්ස් අධ්‍යක්ෂ නාලක ගුණවර්ධන මහතා අතින් නව නිෂ්පාදන පෙළ වන 'අල්ට්‍රා මොයිස්චරයිසින් බොඩි ලෝෂන්ස්' තිත්ව ක්‍රියාකාරීත්වය සහිත කැරට්,පැපොල්,කෝමාරිකා,රෝස සහ පිච්ච මල් සුවද වර්ගවලින් එළි දක්වනු ලැබීය.

නව නිෂ්පාදන පෙළ පිළිබදව පර්යේෂණ පැවැත්වූ කමිටුවේ සභාපතිත්වය දැරූ ආචාර්ය නිමල් පුන්‍යසිරි මහත්මා සදහන් කර සිටියේ නේචර්'ස් සීක්‍රට් නිෂ්පාදන වල ඇති විශේෂත්වයන් වනුයේ;

සත්ව තෙල්,සත්ව නිෂ්පාදන,සත්ව අත්හදා බැලීම් වලින් තොර / මිනරල් ඔයිල්,සිලිකොන් ඔයිල්, පෙට්‍රෝලියම් අඩංගු නොවන ශ්‍රී ලාංකේය වෙළද පොළ තුල පවත්නා විශ්වාසදායීම ශාකසාර නිෂ්පාදන පෙළ වශයෙන් වගකීමෙන් සදහන් කළ හැකි බවයි.

තම නිෂ්පාදන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචිය ලබා ඇති බවත්,අන්තර්ජාතික තත්ව සහතික වන ISO 9001, ISO 14001 & GMP ලබා ඇති බව නිහතමානීව සදහන් කළ හැකි බව පවසා සිටියා.2011 වසරේ සිට අඛන්ඩව ජාතික හරිත සම්මානයෙන්ද "නේචර්'ස් සීක්‍රට්" පිදුම් ලබා ඇති බව වැඩි දුරටත් සදහන් කර සිටියා.

ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස මෙම උත්සවයට සහභාගි වූ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී නයනා කරුණාරත්න මහත්මිය සදහන් කර සිටියේ මේ වන විට ශ්‍රී ලංකාවට කිසිදු තත්ව පරීක්ෂාවකින් හෝ නියාමනයකින් තොරව රූපලාවන්‍ය නිශ්පාදන පැමිණීම නිසා රූපලාවන්‍ය ක්ෂේත්‍රයම පිරිහීමට ලක්ව ඇති බවයි.සමහර අවස්ථා වලදී මරණ පවා සිදු වීම කණගාටුදායක තත්වයක් බව නයනා කරුණාරත්න මහත්මිය සදහන් කළාය.

නමුත්,නේචර්'ස් සීක්‍රට් නිෂ්පාදන කිසිවකට අවුරුදු 15 ආ මෙම ගමන්මග තුළ කිසිදු දිනයක චෝදනාවක් ලබා නොමැති බව අභිමානයෙන් යුතුව සදහන් කළ හැකි බවත්,ඇමරිකාව/ජර්මනිය වැනි රටවල නේචර්'ස් සීක්‍රට් නිෂ්පාදන සදහා සුවිශේෂ වෙළද පොළක් නිර්මාණය වී ඇති බවත් නයනා කරුණාරත්න මහත්මිය සදහන් කළාය.

නව නිෂ්පාදන ලෙස එළිදකින ලද "අල්ට්‍රා මොයිස්චරයිසින් බොඩි ලෝෂන්" ත්‍රත්ව ක්‍රියාකාරී සංයෝගය සහිත කැරට්,පපායා,ඇලෝ වේරා,රෝස්,ජස්මින් සුවද වර්ග වලින් ඔබට නේචර්'ස් සීක්‍රට් අලෙවි නියෝජිතයින් මගින් සහන මිලට මිළදී ගැනීමේ අවස්ථාව නව වසර වෙනුවෙන් නේචර්'ස් සීක්‍රට් ආයතනය උදා කර දී ඇත.




මින් ටික කලකට පෙර ටෙලි නාට්‍ය රැසක පෙනී සිටි නවක නිළි භාග්‍යා ගුරුසිංහ විවාහවූයේ කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතාගේ පුත්‍රයා වූ පියුෂාන් සමගින්. මේ හේතු කොට විවිධ මිත්‍යා දේව විශ්වාස මත ඇගේ පළමු දරු උපතින් පෙර සහ පසු කාලය ගෙවුණ බව ඇය හෙළිදරව් කරයි. මෙම පුහු සහ මිත්‍යා විශ්වාස නිසා ඇය සැමියාව ගෙදරටවත් වැද්දාගෙන නැත.ඒ ගැන ඇය මෙසේ කියයි.

දැන් අම්මා කෙනෙක්. ඒ වෙනස දැනෙන්නේ කොහොමද?

ලොකු වෙනසක් දැනෙනවා. මම ගෙදර වැඩ මොනවත්ම කළ කෙනෙක් නෙවෙයි. දැන් තනියම කෑම හදනවා. බබාගේ රෙදි සේරම අතේ හෝදන්නේ. බබාගේ කාමරේ අස් කරනවා. මට නින්දක් නෑ. බබා රෑ දහයේ ඉඳලා පාන්දර පහ වෙනකල්ම ඇහැරිලා.

ඒ දැනෙන වෙහෙසත් එක්ක මවු පදවියේ වගකීම් දැනෙන්නේ කොහොමද?

අනේ නැහැ. හැමදේම කරලා ඉවර වුණාට පස්සේ පුදුම සතුටක් දැනෙනවා. පුතා ළඟින් හෙලවෙන්න හිතෙන්නේ නැහැ. හිතට පුදුම සතුටක් දැනෙනවා. වැඩ වැඩියි කියලා මට තරහා යන්නෙත් නෑ. පුංචි පුංචි වචන කිය කිය හුරතල් වැඩ කරද්දී බලාගෙන ඉන්න ආසයි.

තනියම වැඩ ගොඩක් කරද්දී ගෙදර හිටපු කාලේ මතක් වෙන්නේ නැද්ද?

මතක් වෙනවා. මට අම්මවමයි මතක් වෙන්නේ. එයා කොහොම කළාද කියලා හිතෙනවා. පුළුවන් හැමවෙලාවකම මම අම්මා ළඟට දුවන්නෙත් ඒ නිසා. දැන් තමයි තේරෙන්නේ අම්මා කොහොමද අපිව බලාගත්තද කියලා. ඒ කාලේ නම් පොඩ්ඩක් මොනවා හරි වුණත් "අම්මා මොනවද දන්නේ" කියලා අහනවා. දැන් තමයි තේරෙන්නේ දරුවෙක් හදන එක කොච්චර අමාරුද කියලා.

පුතා දැන් පුංචි පුංචි දඟ වැඩ කරනවා ඇති නේද?

ඔව්. එයා එක එක වචන කියනවා. කෑ ගහනවා. දැන් මාස හතක් නේ. වැඩිපුරම "ආව්, ආව්" කියලා තමයි කියන්නේ. දැන් ටික ටික හිටගන්නත් උත්සාහ කරනවා.

දඟ මල්ලක් නිසා හොඳට බලාගන්න ඕන ඇති නේද?

අම්මෝ දඟ මල්ලක් තමයි. ඇස් දෙක මොහොතකට එයාගෙන් අෑතට ගන්නේ නැහැ. ඇඳ උඩ තියලා තිබ්බාම කොට්ට උඩිනුත් පැනලා එන්න හදනවා. මම ඇඳෙන් නැඟිටලා එන්න හැදුවොත් එයාටත් මගේ පස්සෙන් එන්න ඕන. හොඳටම දඟයි.

පුතා නිසා ජීවිතේ සිද්ධ වුණු වෙනස්කම් මොනවාද?

පුරුදු විදියටම ගෙදර සහ මගේ පිරිසුදුකම ගැන හිතනවා. ඉස්සර මම හරියට ගමන් ගියානේ. හවස තුන හතර වගේ වෙද්දිත් ගෙදරින් පනිනවා. දැන් එහෙම නෑ. දැන් ගෙදරට වෙලා ඉන්නේ. කෑමත් අඩුවෙන් කන්නේ. බබා එක්ක කන්න බැහැ.

දැන් චුට්ටක් විතර මහත් වෙලානෙ..කෙට්ටු වෙන්න අදහසක් නැද්ද?

අදහසක් නම් තියෙනවා. දැන් අඩුවෙන් කන්නේ. ජිම් එකකට යන්න ඕන. ඒත් පුතාව දාලා යන්න බැහැ. එයා මම ළඟ නැත්නම් අඬනවා. හොඳට දන්නවා ළඟ නෑ කියලා. ගෙදර වැඩ ටික කරගන්නෙත් හොඳටම නින්ද ගියොත් විතරයි. නැත්නම් ළඟට වෙලාම ඉන්නවා.

පුතාට කෑම එහෙම කවද්දී කරදර කරනවද?

ඔව්. තවම බත් තලපනේ කන්නේ. පොඩ්ඩක්වත් කටේ තියන්නේ නැහැ. පලතුරු නම් කන්නම කැමැති නැහැ. කෑම කවන්න නම් හරිම අමාරුයි. කිසිම දෙයක් කන්නේ නැහැ. කෑම ටික කටට දාන්නත් අමාරුයි.

පුතාගෙ බාප්පා පුතාට ආදරෙයිද?

ඔව්. පියුෂාන්ගේ මල්ලි එයාට වඩා අවුරුදු විස්සක් බාලයි. එයා පහ වසරේ ඉගෙන ගන්නෙ. ඉස්කෝලෙ ගිහින් ඉවර වුණු ගමන්ම දුවගෙන එන්නේ පුතා ගාවට. කෑම කවද්දී සින්දු කියලා, නටලා බබාට කෑම කවන්න උදවු වෙනවා. පුතත් වෙන ළමයෙක් දැක්කත් හිතන්නේ එයාගෙ බාප්පා කියලා කෑ ගහනවා. හැබැයි මල්ලී කැමැති නැහැ බාප්පා කියනවට. එයා අයියා කියලා කියන්න පුතාට පුරුදු කරනවා.

කතරගම ජීවිතේ කොළඹ වගේම පහසුද?

කතරගම වැඩිය ඉන්නේ නැහැ. එහේ මෙහෙට වඩා වෙනස්. පසුගිය කාලෙම නියඟය තිබිලා දැන් වහිනවා. අපි දැන් ඉන්නේ පැලවත්තේ ගෙදර. ඉඳල හිටලා කතරගම යනවා. මම එහේ ඉන්න කැමැතියි.

කතරගම දේවාලයට සම්බන්ධ නිසාම පියුෂාන් මාස තුනක්ම පුතාගෙන් වෙන්වෙලා හිටියාලු නේද?

ඔව්. පුතා ලැබිලා මාස තුනක්ම පහුවෙනකල් කිලි. බබාගේ තාත්තටවත්, සීයටවත් එයාව බලන්න එන්න විදියක් තිබ්බේ නැහැ. මාස තුන පහු වෙනකල් එයාලා ඇඟිලි ගැන ගැන හිටියේ. මම පුතාව ලැබෙන්න ඉද්දී ක්ලිනික් ගියෙත් අම්මා එක්ක.

ඒ මාස තුන පියුෂාන් ඔයාවයි, බබාවයි දැකගත්තේ කොහොමද?

වීඩියෝ කෝල් තමයි. ෆොටෝ යවනවා. වීඩියෝ යවනවා. පුතා අතක් ඉස්සුවත් වීඩියෝ කරලා යවනවා. ඒ දවස්වල එයාට අපේ ගෙදර ගේට්ටුවෙන් ඇතුළට එන්න බැහැ. පියුෂාන් ගේට්ටුව ළඟ ඉන්නවා. අපි ඇතුළේ ඉඳලා බබාව පෙන්වනවා. මාස තුනම එහෙම තමයි කළේ.

ඒ මාස තුන අවසානේ පියුෂාන් පුතාව දැකපු මුල්ම දවසේ එයා මොනවද කළේ?

එයා එද්දී ගෙදර කහ වතුරෙන් සෝදලා පිරිසුදු කරලා තිබුණා. දුටුගැමුණු පරම්පරාවේ කෙනෙක් නේ. රජෙක් එනවා වගේ. ආපු ගමන් බබාව අරගෙන ඉම්බා. බබාත් එකපාරම හූ කියලා සතුටින් කෑ ගැහුවා. එදා දවසම තාත්තාගෙ ඇඟේ හිටියේ. ඇඬුවෙත් නැහැ. ඒ වුණාට ඉතින් මට හරි පාළුයි.

පුතා නැතිව නිශාදී පුංචිට පාළු ඇති නේද?

අපි හැමදාම වගේ රෑට එහේ යනවා. කතරගම ඉද්දී නම් එන්න වෙන්නේ නැහැ. පුංචි දැක්කාමත් එහෙම තමයි. කෑ ගහනවා. පියුෂාන්ගේ තාත්තට සේරටම වඩා ආදරෙයි. තාත්තා බොරුවට ගණන් ගන්නේ නෑ වගේ ඉද්දී කෑ ගහනවා. මට තමයි පුතා ආදරේ නැත්තේ. මම කියන දේ අහන්නෙ නෑනේ.

නැවත රංගනයට එන්න අදහසක් නැද්ද?

මම නම් ආසයි. ඒ වුණාට රඟපාන්න ගත්තොත් මේ වැඩ ටික කරගන්න බෑ. අනික සමහර විට මම කතරගම යනවා. ඉතින් දින එහෙට මෙහෙට කරන්න වෙනවා. මාව අන්තිමට එයාලට වදයක් වෙයි. එක දිගට දින දෙන්නත් බෑ. ඉතින් රඟපෑවොත් ෂූටින් කරන මිනිස්සු අනාථයි.

යාළුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

ඔව්. යාළුවොත් කියන්නේ රඟපාන්න කියලා. මම රඟපාන්නේ නැති එකට එයාලට දුකයි. මේ ළඟදිත් ඇවිල්ලා "භාග්‍යා ආයේ රඟපාන්න. ඔයා රඟපානවට අපි හරි ආසයි" කියලා කියනවා. කතරගමදී දේවාලෙට එහෙම ගියාම, එහේ අයත් රඟපාන්න කියලා කියනවා.

ඉදිරි බලාපොරොත්තු මොනවද?

මොකුත් නෑ. මේ යන විදියට යනවා. මට තව දරුවෙක් ඕන. හැබැයි දුවෙක්ට තමයි ආස. දේවාලේ පරම්පරාව ඉස්සරහට ගෙනියන්න පුතෙක් ඉන්නවනේ. රට වටේම ඇවිදින්න ආසයි. ගේකුත් හදාගන්න ඕන.



පිරිමි වෙලා ඉපදුන ලෝකයේ සරාගීම තරුණියන් දසදෙනා ඔබ දැකලා තියෙනවාද? මේක ඔබ බැලුවොත් පුදුම හිතෙයි.



රුචිනි ටනෂා හතරසිංහ නැත්නම් හැමෝම දන්න විදියට  ටනෂා හතරසිංහ ක්ෂේත්‍රයට එන්නේ Derana Miss Sri Lanka තරගයෙන්.

Music Video වල රගපාලා ජනප්‍රිය වුනු ටනෂා හතරසිංහ ලගදි චිත්‍රපටයකත් සම්බන්ධ වුණා.

බොහෝ දෙනාගේ හිත් පැහැරගත්ත ලස්සන රුවැත්තියක් වුණ ටනෂාගේ හිත ගත්ත වාසනාවන්තයා ඔන්න අපට හම්බවුණා.


ටනෂාගේ හිත ගත්ත වාසනාවන්තයා  Sathsara Kasun Pathirana විදියට තමයි සදහන් වෙන්නේ.

http://www.srilankanmodel.com/2016/04/tanasha-hatharasingha_30.html













අද වනවිට ලංකාවේ මියුසික් වීඩියෝ බොහෝ ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. එයින් බොහොමයක් එක් රැල්ලක් ඔස්සේ මුදල්මය පැතිකඩක් හෝ ජනප්‍රිත්වය සඳහා නිර්මාණය වන බව කිව හැකියි. 

නමුත් එම රාමුවෙන් එහා ගිය Music Video කලාවට වෙනසක් එක්කරමින් සහ කාලාත්මක බවක් එක් කරමින් සිදුවන නිර්මාණයක් ගෙන ඒමට උත්සහ දරණ කෙනෙකු ලෙස මධුන් දිසානායකව හැඳින්විය හැකි වෙනවා. 

අසුභ ලකුණැති සහ ​විදවන ප්‍රේමය වැනි නිර්මාණවලින් ඔබ හමුවුණු ආ මධුන්ගේ අලුත්ම Music Video තව ටික දවසකින් ඔබට බලන්න පුළුවන් වේවි.










ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයා කාගේත් ආදරය දිනාගත් උසේන් බෝල්ට් ඔන්න රියෝ ඔලිම්පික් තරඟය අතරතුර මඩක් ගසාගෙන කියලා ආරංචියක් පැතිරෙනවා.

රියෝ නගරයේ Jady Duarte නම් අවුරුදු 20ක තරුණියක් සමඟ නිදියහනේ යහන්ගතව ලබාගන්නා ලද ඡායාරූප පෙළක් එම යුවතිය විසින් අන්තර්ජාලයට මුදවා හැරලා තියෙනවා.

කොහොම හරි මේ ඡායාරූප මේ වන විට ලොව පුරා ව්‍යාප්ත වෙලා ඔන්න.

මීට අමතරව රියෝ ඔලිම්පික අතරවාරයේ පැවති උත්සවයකදී වූසේන් බෝල්ට් එම උත්සවය තුළ යුවතියන් සමඟ නරුතනයේ නියැලෙන වීඩියෝ මේ වන විට අන්තර්ජාලයේ සැරසරණවා. එම වීඩියෝ ඇතුළු ඡායාරූප පහතින් නරඹන්න

චිත්‍ර‍පට අධ්‍යක්ෂවරුන්ගේ හෝ නිෂ්පාදකයින්ගේ නිසි අවසරයකින් තොරව අන්තර්ජාලයට චිත්‍ර‍පට මුදාහැරීම කලක පටන් සිදුවන්නක්. විශේෂයෙන්ම, අදාල චිත්‍ර‍පට සිනමාහල්වල ප්‍ර‍දර්ශනය වන සමයන්හිදීම මෙම තත්ත්වය උදාවීම චිත්‍ර‍පට නිෂ්පාදකයින්ට සහ අධ්‍යක්ෂවරුන්ට මහත් ගැටළුවක්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පියවර ගන්නට ප්‍ර‍වීණ චිත්‍ර‍පට අධ්‍යක්ෂ ප්‍ර‍සන්න විතානගේ මහතා පෙරමුණ ගත්තා. ඒ ඉන්දියානු සමාගමක් වන Aiplex Software සමාගම හා සම්බන්ධවෙමින්. ඒ අනුව අධ්‍යක්ෂවරු සහ නිෂ්පාදකයින්ගේ අවසරයකින් තොරව කැමරා පිටපත් ලෙස හෝ රසායනාගාර හෝ සංස්කරණ ආයතනයකින් හෝ ලබාගන්නා චිත්‍ර‍පටයන්හි පිටපත් යූටියුබ් හෝ වෙනත් ක්‍ර‍මයකින් අන්තර්ජාලයට එක්කළහොත්, අදාල ඉන්දියානු සමාගම විසින් ඉවත්කරනු ඇති.

මේ සඳහා ප්‍ර‍වීණ මෙන්ම සම්මානනීය චිත්‍ර‍පට අධ්‍යක්ෂවරුන් රැසක් අත්වැල්බැඳගෙන සිටිනවා.


ඇය ස්වභාවධර්මයට ආදරය කරන්නට ඉගෙනගන්නේ කුඩා අවධියේදීමය. ඒ ඇගේ මව හා පියා වනගතව ස්වභාවධර්මය විඳින්නට කුඩා කල සිටම ඇයට හුරු කළ නිසාය.

දශක තුනක පමණ කාලයක් පුරා විල්පත්තුවේ කොටින්ට පෙම් බඳින ඇය සධීනා අබේසූරිය නම් වෙයි.

“මම සත්තුන්ට ගොඩක් ආදරෙයි. මම ගෙදරත් පූසෝ ගොඩක් ඇති කරනවා. මට බල්ලො හත්දෙනෙක් හිටියා. ගෙදර මාරු කළාට පසුවයි, මම ගෙදර වැඩිකාලයක් රැඳිලා ඉන්නෙ නැති නිසයි බල්ලො ඇති කරන එක නැවැත්තුවා.

පූසන්ව ඇති කරන්න ලේසියි. මම කොටින්ට ගොඩක් ආදරය කරනවා. ලංකාවේ ඉන්න ලස්සනම සතා කොටියා කියලයි මට හිතෙන්නේ.

සත්තුන්ට කතා කරන්න බැහැනේ. උන්ට ඕනේ මොනවද, එපා මොනවද කියලා කියන්න බැහැ. ඉතින් මේ වගේ සත්තුන්ට රිද්දන්න අපට අයිතියක් නෑ. ඒ වගේම සත්තුන්ගෙන් වැඩ ගන්නත් අපට අයිතියක් නැහැ. මට අවුරුදු 07ක් විතර පොඩි වයසේ ඉඳන් මම කැළෑවේ යනවා. මට ජීවිතේ ගැන තාත්තා ඉගැන්නුවේ කැළෑවේදී. මගේ අම්මයි තාත්තයි කැළෑවට ගොඩක් ආදරය කළා. එයාලා සත්තුන්ට ගොඩක් ආදරය කළා. මාව පොඩි කාලෙ ඉඳන්ම කැළෑවට අරගෙන ගිහින් ස්වභාවධර්මයට ආදරය කරන්න ඉගැන්නුවා. මගේ අම්මයි, තාත්තයි මැරුණේ විල්පත්තුව කැළෑව මැද්දේ. ඒ 2006 මැයි මාසේ 27 වැනිදා. ත්‍රස්තවාදීන් අටවපු බිම් බෝම්බෙකට යට වෙලා මියගිය වනජීවී ලෝලීන් පස්දෙනා අතර ඒ දෙන්නත් හිටියා. 2006න් පස්සෙ මම අවුරුදු 06ක් යනතුරුකැළෑවේ ගියේ නැහැ. මට කැළෑවට මුහුණදෙන්න බැරිවුණා. ඊටපස්සෙ මම හිතුවා “නෑ, මම කැළෑවට ආපහු යනවා* කියලා. මගේ තාත්තා වනජීවී ඡායාරූපකරණයේ යෙදුණා වගේම පුංචි කාලෙ මම ඒ කැමරාවලින් ඡායාරූප ගන්න හුරුව ලබාගත්තා. ඒ හැර මම ඩිප්ලෝමා හදාරාලා නැහැ. මම තනිවම ඉගෙනගත්ත දෙයක් තමයි මේ. දැන් මට කැළෑව දැනෙන්නෙ ගෙදර වගේ. මට විල්පත්තු ගියාම දැනෙන්නෙ මගේ අම්මයි, තාත්තයි තාම එහේ ඉන්නවා කියලා. මගේ අම්මයි, තාත්තයි අවසන් හුස්ම හෙලුවේ විල්පත්තුව කැළෑවේ.

ඉතින් මට ඒ දෙන්නා ඉන්නවා වගෙයි දැනෙන්නේ.

මමකැළෑවේ සුන්දරත්වය විඳිනවා වගේම කැළෑව ආරක්ෂා කරන්නත් පුළුවන් හැමදේම කරනවා. විල්පත්තුවේ පුවරු බොහෝමයක් මමයි, මගේ සැමියයි එකතුවෙලයි ප්‍රදර්ශනය කරන්න කටයුතු කෙරුවේ. ඒ වගේම විල්පත්තුවේ ගිහින් එන අය විල්පත්තුව අපවිත්‍ර කරනවා. ඒවා සුද්ධ කරන කටයුතුත් කරනවා. මම හැමවෙලාවෙම මිනිස්සුන්ගේ පැත්තෙන් නොවෙයි, සතුන්ගේ පැත්තෙනුයි බලන්නේ.

සතාගේ පැත්තේ වැරැද්ද තිබුණත් මම සතා වෙනුවෙනුයි පෙනී සිටින්නේ. ඒ තරමට මම සතුන්ට ආදරෙයි. මම මාසෙකට තුන් වතාවකට වඩා විල්පත්තු යනවා. මම යාල වගේ වනාන්තරවලට යන්න කැමති නැත්තේ ඒවගේ ජිප් යනවා වැඩියි. අපි විල්පත්තු ගියත් ජීප්වල තමයි යන්නේ, නමුත් ගිහින් ජීප් එක තැනක නවත්තලා, මම තනියම විල්ලුවක් ළඟ පැය ගණන් නතර වෙලා ඉන්නවා. සමහරු අහනවා බය නැද්ද කියලා. කොටි, වලස්සු ළඟට එනවා. උන්ගෙන් අනතුරක් නැතිව ඉන්න එක වාසනාව කියලයි මම හිතන්නේ. ඕනම සතෙකුට තේරෙනවා ඌට කරදරයක්ද නැත්ද කියන එක. මම කාලයක් පුරා එක කොටියෙක්ව අධ්‍යයනය කළා. දවස් ගාණක් මේ කොටියාගේ චර්යාවන් මම අධ්‍යයනය කරමින් පිටිපස්සෙන් ගියා. දවස් දෙකක් විතර බඩගින්නේ හිටපු කොටියා මම හිටපු ජීප් එක ළඟම ගහකට නැග්ගා කටුස්සෙක් අල්ලගන්න.

ඒ වෙලාවේ කොටියාගේ සමබරතාව ගිලිහිලා මගේ ජීප් එකට වැටුණා. ඒ වෙලාවේ මගෙයි, කොටියාගෙයි ඇස් විනාඩියක් විතර ඇසට ඇස ගැටිලා බලාගෙන හිටියා. කොටියා මට හානියක් නොකර බිමට බැහැලා ගියා. මට කිසිම අනතුරක් කොටියා කළේ නැහැ. සමහරු කැළේ ගියාම සතෙක් ළඟට ආවොත් කෑ ගහනවා. නමුත් එහෙම කරන්න හොඳ නෑ. මම මුහුණු පොතේ captcha sadhi කියලා පිටුවක් පවත්වගෙන යනවා. ඒකෙ මම ගන්න ෆොටෝ සියල්ල එකතු කරනවා.

ගෑනු කෙනෙක් විදිහට ලංකාවේ වැඩිපුරම කැළෑවේ යන්නේ මම කියලයි මම හිතන්නේ. පොඩි කාලෙ ඉඳන්ම කැළෑවේ ගිහින් දැන් මට කැළෑවේ යන එක අමුතු දෙයක් නොවෙයි. ගොඩක් අය අහනවා තනියම කැළෑවේ යන්න බය නැද්ද කියලා.

මගේ අම්මයි, තාත්තයි මැරුණට පස්සෙ මම ජීවිතයට මුහුණදෙන්න පුරුදු වුණා. මගේ හිත ගොඩක් ධෛර්යමත් වුණා. මම තනියම ජීවිතයට මුහුණදෙන්න හුරුවුණා. මම තනියම වාහනේ පදවාගෙන විල්පත්තු ගිහින් කැළෑවේ ඉඳලා එනවා. මට බයක් නෑ. මට හිතෙනවා මගේ තාත්තා කොහේ හරි ඉඳන් මගේ දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒ නිසා මට කැළෑවේදී හානියක් වෙන එකක් නැහැ කියලා මම විශ්වාස කරනවා. මට හානියක් වෙන්න තියෙනවානම් ඒක නවත්වන්න බැහැ කියන එකත් මම විශ්වාස කරනවා. මම මේ අවුරුද්දෙ එක දිගට දවස් පහළොවක් කැළෑවේ ඉඳලා තියෙනවා. 2014 අවුරුද්දේ දවස් 60ක් එක දිගට විල්පත්තුවේ හිටියා. මගේ අම්මා, තාත්තා මැරුණු තැන නිසා විල්පත්තුවට යන්න ගොඩක් වෙලාවට යොමුවෙනවා. ඒ හැර ලුණුගම්වෙහෙර, ගල්ඔය, උඩවලව ආදී ප්‍ර‘දේශවල මම යනවා. මම ගොඩක් වෙලාවට ගෙදර රැඳෙන්නේ නැහැ. මගේ සැමියාට Outdoor Training කඳවුරක් තියෙනවා පන්නල. මම කැළෑවේ යන්නෙ නැති දවස්වලට පන්නල ගිහින් සැමියාට උදව් කරනවා. අපි දෙන්නා විදේශගත වුණත් යන්නෙ සත්තු බලන්නයි.

දැනට මම ගණන් කරන්න බැරි තරමට කොටින්ගේ ඡායාරූප අරන් තියෙනවා. විල්පත්තුවේ ඉන්න කොටි ගහනය එන්න එන්න අඩුවෙනවා. මම කැමතියි මේ ලෝකෙ මිනිස්සු අඩුවෙලා සත්තු වැඩි වෙනවානම්.මොකද මම පොඩිකාලෙ දැක්ක විල්පත්තුව නොවෙයි දැන් තියෙන්නේ. මිනිස්සු ගෙවල් හදන්න කියලා කැළෑව කපනවා.

ඒ අය දන්නෙ නැහැ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ක්‍රමයෙන් එන්න එන්න වැඩිවෙනවා. එතකොට තව තවත් කැළෑව කපනවා. මේක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මිනිසුන්ට පදිංචි වෙන්න වෙනත් තැන් තියෙනවා.

ඒ වගේම මිනිස්සු කැළෑව බලන්න ගිහින් කෑගහලා, දඟලලා සත්තුන්ට කරදර කරනවා. ඒ වගේම පොලතින්, බෝතල්, ප්ලාස්ටික් ගිහින් දානවා. ඉස්සර මේ තරම් මිනිස්සු කැළෑවේ ඇවිදින්න ජිප්වල ආවෙ නැහැ. මේ තරම් ඡායාරූප ශිල්පීන් හිටියෙත් නැහැ. දැන්ගියාම මිනිස්සු බීලා කෑගහගහ දඟලනවා. මගේ ආසාව තමයි මේක නවත්වන්න පුළුවන් දවසක් උදාකරන එක. මිනිසුන්ට බීලා විනෝද වෙන්න ඕන නම් ඒවට ඕනෑ තරම් තැන් තියෙනවා.

කැලෑව කියන්නෙ ඒකට ගැළපෙන තැනක් නොවෙයි. මිනිස්සු හිතන්න ඕන අපි සත්තුවෙලා, සත්තු මිනිස්සු වුණා නම්. අපි කරන දේවල් අපට වෙනවට අපි කැමති වෙන්නේ නෑනේ. අපි හිතන්න ඕන අපට සත්තු වගේ දම්වැල් දාලා වැඩ ගත්තොත් කොහොමට දැනෙයිද කියලා. සතෙකුට ආදරෙයි නම් උන්ගෙ නිදහස සුරකින්න ඕන. මාත් ආසයි කොටියෙක් ඇති කරන්න. ඒ වුණාට ආදරයෙන් බලාගන්නවා කියන්නෙ උන්ට අදාළ නිදහස දෙන එකයි. ඉතින් අපි කැළෑවට ගිහින් ඒවා විනාශ කරන එක නොවෙයි කළ යුත්තේ. අලි මිනිස් ගැටුම එන්නේ මේ නිසයි. මිනිස්සු සත්තු ගැන හිතලා වැඩකළොත් මේ ප්‍රශ්න වෙන්නෙ නැහැ.

අපි කැළෑවට ආදරය නිසයි නිතරම කැළෑවට යන්නේ. කැළෑවේ තිබෙන නිදහස වෙන කොහේදිවත් ගන්න බැහැ. පොඩිකාලෙ ත්‍රස්තවාදී කලබල තිබුණත් අපි විල්පත්තු යන්න ආසවුණා. ඒ කැළෑවට ආදරේ නිසා.මම ඉස්සරහට අධ්‍යයනයක් කරන්න හිතන් ඉන්නවා විල්පත්තු කොටි ගහනය හා උන්ගේ චර්යා රටා ගැන. උන් ගැන මම දැන් අන්තර්ජාලයේ තියෙන දේ කියවනවා.

ලබන මාසෙ මම ඒක පටන්ගන්නවා. මේවා මම තනිව අධ්‍යයනය කරනවා. දැනට විල්පත්තුවේ කොටි 40ක් විතර මම ඡායාරූපවලට අරගෙන තියෙනවා. උන්ට මම විවිධ නම් තියලා තියෙනවා.

කොටි එකිනෙකාගේ පුල්ලි රටා වෙනස්. ඒ අනුව අඳුනාගන්න පුළුවන්. ළඟදි පුංචි කොටි පැටියෙක් නිරීක්ෂණය කළා. එයාට මම ක්ලියෝපැට්‍රා කියලා නම දැම්මා. Y,W වැනි පොදු නම්වලින් හඳුන්වන කොටිත් ඉන්නවා.

ඒ අයට මම වෙනම නම් තියලා තියෙවා. මම ඉල්ලනවා කැලෑ කපන එක නවත්වන්න කියලා. මොකද අපි අද කැලෑව ආරක්ෂා කළොත් තමයි අනාගතයට ඉතිරි වෙන්නේ. පදිංචි වෙන්න වෙනත් භූමි තියෙනවා.ඒ නිසා කැළෑව කපන්න එපා කියලයි ඉල්ලන්න තියෙන්නේ. මම වන සංරක්ෂණ නිලධාරීන් සමග තුවාල වුණු සතුන්ට ප්‍රතිකාර කරන්න කැළෑවේ ගිහින් තියෙනවා. ඒ සත්තු වෙනුවෙන් නිලධාරීන් ලොකු සේවයක් කරනවා.

ඒ වගේම මමත් හැකි හැම වෙලාවමක කැළෑව රැකගන්නයි වෙහෙසෙන්නේ. විනෝද වෙන්න කැළෑවට එන්න එපා. කැළෑවට ආදරේ නම් විතරක් කැළෑවට එන්න. එච්චරයි මම ස්වභාවධර්මයට ආදරේ අයගෙන් ඉල්ලන්නේ.


23456789101112


මෙරට ඇඟලුම් කම්හල් විශාල ප්‍රමාණයකට බොත්තම් වර්ග, විවිධ ‍ලේබල් ආදිය තොග වශයෙන් සපයන චීන ජාතික යුවළක් සිටිති. ඔවුන්ගේ පදිංචිය අගනුවර සුපිරි මහල් නිවාසයකය. තම මව් රටෙහි ඔවුනට අයත් මෙබඳු අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන විසල් කම්හලක් වෙයි. ඔවුන් මෙරට ඇඟලුම් කම්හල් වලට අලෙවි කරන්නේ එහි සකස් කෙරෙන නිෂ්පාදනයන්ය.

මේ යුවළට දරුවන් නැත. එනිසා මව් රටේ වෙසෙන මෙම කාන්තාවගේ සොයුරියගේ දියණියක ඔවුහු මෙහි ගෙන්වා ගත්හ. එවකට වයස අවුරුදු දහසයක් වූ එම යුවතිය මෙහි සිය ලොකු අම්මා සමීපයේ නතර වී ජාත්‍යන්තර පාසලක අධ්‍යාපන කටයුතු කරගෙන ගියාය.

මේ යුවතිය සමග ෆේස්බුක් සමාජ ජාලා වබේ අඩවිය හරහා එක් තරුණයකු මිතුරු විය. ඔහු මුස්ලිම් ජාතිකයෙකි. මේ තරුණයා සහ යුවතිය අතර ඇතිවූ සම්බන්ධය ඉතා කෙටි කලකින් කොතෙක් දුරදිග ගොස් තිබුණේද යත් ස්කයිප් හරහා ඇයට නිරුවත්ව හිඳින ලෙස දිනක් ඔහු ඇගෙන් ඉල්ලා සිටියේය. මුලදී අදිමදි කළත් පසුව යුවතිය ඊට එකඟ වී තිබිණී. ඒ අනුව යුවතියගේ නිරුවත වීඩියෝගත කර ගන්නට තරුණයා සමත් වූයේය.

මෙසේ කිසි දිනක දෙනෙතින් දැක නොතිබුණත් ඔවුන් අතර ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනැගී තිබිණි. නමුත් තරුණයාගේ නම මිස ඔහුගේ පදිංචිය හෝ වෙනත් කිසිවක් පිළිබඳව දැන ගැනීමට තරුණියට වුවමනාවක් වූයේද නැත. නිතර ස්කයිප් හරහා හමුවන විට පෞද්ගලික තොරතුරු දැන ගැනීමේ උනන්දුවක් ඇය තුළ නොවූවා විය හැකිය.

වීඩියෝ පට සහ ඡායාරූප මගින් යුවතියගේ නිරුවත දුටු තරුණයාට ඇය හා කායිකව එක්වීමේ දැඩි වුවමනාවක් ඇති විය. එක්තරා දවසක නිවසේ කිසිවකු නොසිටි අවස්ථාවක් බලා යුවතිය මෙම පෙම්වතා නිවසට කැඳවා ගත්තේ ඔහු ඉන් පෙර කර තිබූ ඉල්ලීමකට අනුවය. මතෛක් ඔවුන් දැක තිබුණේ අන්තර්ජාලයේ ‘ඔන්ලයින්’ හරහා පමණි. ඒ ඔස්සේ ඔවුහු තම තමන්ගේ සිතැඟි හුවමාරු කර ගත්තද සැබෑවටම ඔවුන් හමුවූයේ මේ මොහොතේදීය. එදා ඇය හා කායික සම්බන්ධයකට එළඹීමට තරුණයා සමත් විය.

ඉන්පසු නැවත ඔවුනට හමුවීමට අවස්ථාවක් ලැබුණේ නැත. මේ අතර යුවතියගේ ලොකු අම්මාට මෙම සම්බන්ධතාවය ඉව වැටිණි. දියණියගෙන් තොරතුරු විමසූ විට ඇය තමා දන්නා තොරතුරු ටික ලොකු අම්මා හමුවේ නොසඟවා හෙළි කළාය. මේ තම සොයුරියගේ දියණිය පමණක් නොව තමාගේද දියණියක ලෙස සැලකූ වැඩිහිටි කාන්තාවට මේ සම්බන්ධයට අනුමැතිය දීම කෙරෙහි සිත දුන්නේ නැත.

“අපි චයිනිස්, එයාලා මුස්ලිම්. අඩු තරමින් ඒ ළමයා අපේ ජාතියට සංස්කෘතියටවත් ගැළපෙන්නෙ නෑනේ. එහෙම වුණාම පහුවෙනකොට දෙන්නා අතරෙ තියන නොගැලපීම් නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ හින්ද ඔය සම්බන්ධෙ නතර කරන්න.”

ලොකු අම්මා දුන් අවවාදය යුවතිය පිළිගත්තාය. ඒ අනුව ඇය ඔහු සමග අන්තර්ජාලය හරහා හමුවීමද නතර කර දැමුවාය. මින් තරුණයාගේ සිත කැළඹිණි. යළි ඇය කොතෙක් නම්මා ගන්නට උත්සාහ දැරුවත් ඇය ඊට එකඟ වූයේ නැත. මින් කෝපයට පත් තරුණයා ඇගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ පට සියල්ල අන්තර්ජාලයට මුදා හරින බව කියමින් තර්ජනය
කළේය. කරන්නට කිසිම දෙයක් නොවූ නිසා ඇය ලොකු අම්මාට සියල්ල හෙළි කළාය. ඉන්පසු ඔවුහු ‍පොලීසියට ගියහ.

නමුත් සිද්ධිය මිස එම තරුණයාට අදාළව ඉදිරිපත් කළ හැකි තොරතුරු යුවතිය සතු වූයේ නැත.  ඔවුන් නිරන්තර මුණගැසී තිබුණේ අන්තර්ජාලය ඔස්සේය. ඔහු පදිංචි ස්ථානයක් ඇය නිශ්චිතව දැන සිටියේද නැත. තරුණයා සම්බන්ධයෙන් ඇය දැන සිටි ලොකුම තොරතුර වූයේ ඔහු කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව සහ ඔහුගේ පියා වෛද්‍යවරයකු බවයි. නමුත් තව සුවිශේෂ තොරතුරක් ඇගේ  ‍පොතක ඇය ඉතා අනපේක්ෂිත අන්දමින් එක්තරා දිනෙක සටහන් කරගෙන තිබිණි.

ඔහු ඇගේ නිවසට පැමිණ ගිය දිනට පසු දිනෙක ඇය මහමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියාය.  එහිදී තවත් මෝටර් රථයකින් ගමන් කරන තරුණයකු ඇයට දැක ගන්නට ලැබුණු අතර ඇය තිගැස්සුනේ ඔහු තමන් හා සම්බන්ධතාවක් පැවැත් වූ තරුණයාට සමාන පෙනුමකින් යුතු වූ හෙයිනි. වඩාත් හොඳින් බැලු විට ඒ ඔහුම බව ඇයට පසක් කර ගත හැකි විය.

ඒ මොහොතේ විශේෂ අවශ්‍යතාවක් නොතිබුණත් ඔහු ගමන් කළ මෝටර් රථයේ අංකය ඇය නිකමට මෙන් තමන් අත වූ ‍පොතක සටහන් කර ගත්තාය. මේ මොහොතේ එය ‍පොලීසියට ඉදිරිපත් කිරීමට ඇයට හැකියාව ලැබිණි.‍

පොලීසිය විසින් කරන ලද රහසිගත පරීක්ෂණයකින් පසු අදාළ මෝටර් රථයේ හිමිකරු මෙම තරුණයා බවත් ඔහු කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් අනාවරණය කර ගත හැකි විය.

ඉන්පසු අධිකරණ නියෝගයක් ලබාගෙන ඔහුගේ නිවසට ගොස් පරිගණකය පරීක්ෂා කිරීමේදී එහි වූ තරුණියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ සොයාගත හැක විය. නීතිමය උපදෙස් මත පරිගණකයේ එම දෘඪකාංගය විනාශ කරනු ලැබූ අතර දෙපිරිසම මේ සම්බන්ධයෙන් නඩු මාර්ගයට පිවිසෙන්නට නොකැමැත්ත පළ කළ නිසා පිරිස සමාදානය වූහ. එසේම නැවත මෙවැනි දේ නොකරන්නටත් යුවතියට කිසිදු බලපෑමක් නොකර ඇගෙන් ඈත් වන්නටත් තරුණයා ‍පොරොන්දු විය.

අපරාධ සහ අපරාධ බුද්ධි තොරතුරු නියෝජ්‍ය ‍පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අවධාරණය කරයි

ඉන්දු පෙරේරා


බැලූ බැල්මට සුන්දර යුවතියක් තමයි මේ ඉන්නේ. මෙයාගේ නම ජුආනා. හැබැයි මෙයා ගැන මිනිසුන් අතර තියෙන්නෙ පිළිකුලක්. ඒකට හේතුව තමයි මෙයාගේ ශරීරයේ සිටින ලේ පිපාසිත යක්ෂණිය. 28 හැවිරිදි මේ මෙක්සිකානු තරුණිය කුඩා කාලේ ඉඳලම හැදී වැඩි තිබුණේ කැරළිකරුවන් එක්කලූ‍ මචං.

පස්සේ මත්ද්‍රව්‍ය වලට දැඩි ලෙස ඇබ්බැහි වූ ඇය අවුරුදු 15 දි දරුවෙකුද බිහි කරලා තියෙනවා. කොහොමහරි ඉතින් මෙයාගේ දරුවා ජීවත් කරන්න ගණිකා වෘත්තිය තෝරා ගත් ජුආනා කැරලිකරුවන් අතරම සිට ඔවුන් සිදුකරන මිලේච්ඡු ඝාතන දැක ඒ පිළිබඳ දැඩි ලෙස කලකිරුණා.

මෙහෙම කලක් යද්දි ඒ සිතිවිල්ල වෙනස් කළ ඇය මිනිසුන් මරා විනෝද පටන් අරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි මෙයා අතින් ඝාතනය වන පුද්ගලයින්ගේ මළ සිරුරු සමග ලිංගිකව එක්වෙලා මෙයාලගේ ලේ බොන්නත් ජුආනා පුරුදුවෙලා තියෙනවා.

පස්සේ මෙයා මරපු කට්ටියගේ ශරීර කොටස් ගෙන ඇයගේ විකෘති ආශාවන් සපුරා ගෙන තියෙනවලූ‍. කෙසේ වෙතත් පසුව අත්අඩංගුවට පත්වූ ඇය මේ වන විට සිටින්නේ කැලිෆෝනියාවේ බාජා සිරගෙදර කියල තමයි ආරංචිය. කොහොමහරි තමන් කළ වැරදිවලට ජීවිතයෙන් වන්දි ගෙවන්නට ඇය සූදානමින් සිටිනවා කියල තමයි ආරංචිය.



ලිංගික සංක්‍රාන්තිකයින්  අද වන විට ලෝකයේ බොහෝ රටවල විශාල වශයෙන් සිටිනවා.

යුරෝපීය රටවල මෙවන් සිදුවීම් විශේෂ නොවුනත් ලංකාව වගේ ආසියානු රටවල් වලටනම් මේ දෙවල් විශේෂ වූ දේවල් ලෙසටයි සැලකෙන්නේ.

අනෙක් මිනිසුන් හා සමානව මේ ලිංගික විපර්යාසයන්ට ලක්වු මිනිසුන්ටද එක හා සමාන අයිතිවාසිකම් ඇත. ඔවුන්ට වෙනස් සේ සැලකීම  නොකළ යුතුමය. එසේ කළහොත් අපට කිව හැක්කේ ඔවුන් තුළ ඇත්තේ නොදියුණු මානසිකත්වයක් ලෙසයි.

මේ ලංකාවේ ලිංගික විපර්යාසයට ලක්වු තරුණියකගේ කතාවකි.












  • මුලින්ම දිනුෂා ගැන පුංචි විස්තරයක් කළොත්?

මම රාජ්‍ය ආයතනයක සේවය කරන නිලධාරිනියක්. මම තවම අවිවාහකයි.  මම දැනට අවුරුද්දකට මෙපිට කාලයක දී කතරගම ප්‍රදේශයට මාරුවක් ලැබිලා ආවා. එතැනින් තමයි මේ කතාව පටන් ගත්තේ.


  • හොඳයි දැන් ඉතින් විස්තර කරන්නකෝ ඒ කතාව

මම පුංචි කා‍ලේ ඉඳලම අසරණ සත්තුන්ට පුදුම විදිහට ආදරය, කරුණාව දක්වන කෙනෙක්. කොටින්ම මම කෑම කන කොට වුණත් ඒකෙන් කොටසක් අසරණ සතෙකුටත් දෙන්න පුදුම විදිහට උත්සාහ කරනවා. කතරගම සේවා ස්ථානයේදීත් මම ඒ දේම කළා.


  • කොහොමද දිනුෂා ඒක කළේ?

අපේ ආයතනය වටේ නිවාස නැති අසරණ සුනඛයෝ කීප දෙනෙක් වරින්වර ගැවසුණා. මම ඒ අයව සුනඛයෝ කියලා හැඳින්වූවේ අර ‍පොදු සාමාන්‍ය නමින් හඳුන්වන එක ඒ අයගේ තියන කළගුණ සැලකීම වගේ උතුම් ගුණාංග වලට අපි කරන නිගරුවක් හින්දයි. ඉතින් මම පුළුපුළුවන් විදිහට ඒ සුනඛයන්ට දවල්ට කෑම දෙන්න පටන් ගත්තා. සමහර දාට මම ටිකක් වැඩිපුරත් බත් අරගෙන යනවා ඒ අයටත් එක්ක; එතකොට තමයි අපේ කන්තෝරුවේ සමහරු මට විහිළු කළේ.


  • ඒ මොනවා කියලද ?

ඔයා මුන්ට හොඳට කන්න දීලා හොඳට මහත් කරන්න. එතකොට ඉක්මනටම දිවිය ලෝකේ යන්න පුළුවන් කියලා.


  • ඇයි ඒ අය එහෙම කිව්වේ?

ඒ අය කියපු විදිහට මේ පැත්තේ සමහරු ඇසළ උත්සව කාලෙට මේ අයව මරලා වන්දනා කාරයන්ට දඩමස් කියලා විකුණනවලු. ඒත් මම මුලදී ඒ අයට බැන්නා කට තිබුණු පලියට දහ ජරා කතා කියන්න එපා කියලා.


  • එතකොට ඒ අය කියලා තියෙන්නේ බොරුද ?

මාත් මුලදී හිතුවේ එහෙමයි.  එතකොට ඒ සමහරු මගෙන් ඇහුවා එහෙම නම් අපේ රටේ අනික් පූජා නගරවල වගේ මෙහේ වැඩිපුර බල්ලෝ දකින්න නැත්තේ මොකද ? කියලා. කොහොම හරි මේ වගේ දේවල්වලින් මට තේරුණා ලොකුවට සිද්ධ නොවුණත් බොහොම සුළුවෙන් හරි මෙහේ ඒ වගේ අමානුෂික දේවලුත් සිද්ධ වෙනවා ඇති කියලා. ඒ ඔස්සේ මම තවදුරටත් මේ ගැන විපරම් කළා.


  • එතකොට දිනුෂට මොකක්ද දැන ගන්න ලැබුණේ ?

මම හිතුවට වඩා තත්ත්වය සෑහෙන්න බරපතළයි. මේක ඉස්සර ඉඳලම කතරගම පැත්තේ බොහොම රහසින් සිද්ධ වුණු දෙයක්. පහුගිය කා‍ලේ මෙහේ ඉඳලා තියනවා .... අක්කා (සුප්‍රකට ඉන්දීය පුරාවෘත්තයක කතා නායිකාවගේ නමක්) කියලා ආප්ප වෙළෙන්දියක්. ඒ ගෑනු කෙනා රහසින් දඩමස් අලෙවියකුත් කරගෙන ගිහින් තිබුණා. මේ ගෑනු කෙනා ළඟට හැමදාම දඩමස් එන්නේ කොහොමද කියලා මුලදී මෙහේ මිනිස්සුන්ටත් ප්‍රශ්නයක් වෙලා. පස්සෙයි කාටත් තේරිලා තියෙන්නේ ඒ කාන්තාව දඩමස් විකුණන මුලාවෙන් කරගෙන ගිය නින්දිත  ජාවාරම.
කොහොම හරි ඒ ගෑනු කෙනා පසුගිය කා‍ලේ මැරිලා.


  • ඉතින් දිනුෂා මොකද කළේ ඒ අපරාධය සම්බන්ධයෙන්

මුකුත් කරන්නේ කොහෙද? මට මෙලෝ දෙයක් හිතා ගන්න බැරි වුණා. සතියේ දවස් පහේ මං දෙන බත් ඉඳුලක් කාලා මට අසීමාන්තික විදිහට කෘතඥ වෙන මේ අසරණ සත්තුන්ටත් එහෙම අපරාධයක් වෙයි කියලා හිතෙන කොට මට උන්හිටිතැන් අමතක වුණා. ඒ වගේම ඒ අය අතරින්  එක්කෙනෙක් හිටියා හුඟක්  සනීපෙට හැදුණු වැඩුණු එයාට අනික් අයටත් වඩා හොඳට මොළේ තියනවා. පාරේ තොටේදී දැක්කත් මගෙ වටේ නට නටා සතුට ප්‍රකාශ කරනවා. ඒක දකින මිනිස්සුන් හිනාවෙනවා.  අනේ දෙයියනේ මං දෙන කෑම හින්දා ඒ අයගේ මරණය ඉක්මන් වුණොත් මගෙත් පපුව පැලෙයි කියලා මට හිතුණා.


  • ඉතින් දිනුෂා මොකද කළේ ?

මට මුලදී හිතාගන්නවත් බැරිවුණා. ඊට පස්සේ තමයි ‘අහිංසා ශ්‍රී ලංකා’ කියන ෆේස්බුක් වබේ අඩවිය දැක්කේ. මම ඒකට මැසේජ් එකක්  යවලා එයාලත් එක්ක කතා කරන්න අවස්ථාවක් අරගෙන අඬ අඬා මේ ප්‍රශ්නේ ඒ අයට කිව්වා. මට මතක හැටියට  ඒ පහුගිය අප්‍රියෙල්වල වගේ.


  • එතකොට මොකක්ද ඒකට ලැබුණු විසඳුම ?

ඒ අය මට කිව්වා මට හුඟක්ම හිතවත් ඒ වගේම සත්තුන්ටත් ආදරේ කරන කීප දෙනෙකුත් හවුල් කරගෙන ඉතාමත් රහසිගතව ඒ ගැන තොරතුරු හොයලා පුළුවන් තරමක් ඉක්මනට ඒ අයට ඒ සේරම විස්තර දෙන්න කියලා.


  • ඉතින් ඔයා ඒ දේට ඉදිරිපත් වුණාද ?

ඉදිරිපත් නොවී කොහොමද?
මම මට හිතවත් විවිධ රැකියාවල් කරන කීප දෙනෙකුත් එක්ක බොහොම උනන්දුවෙන් මේ වැඩේ පටන් ගත්තා. අපේ කණ්ඩායම අට දෙනාගෙන් හය දෙනෙක්ම කාන්තාවෝ ඒ දෙනාගෙන් හතර දෙනෙක්ම ගුරු සේවයේ ඒ ඊට වැඩිය විස්තර කියන එක නම් භයානකයි.


  • ඒ මොකද ?

අපි හොයා ගත්තු තොරතුරුවලට අනුව ඕකට කට්ටි දෙකක් සම්බන්ධයි. එක කට්ටියක් ටවුන් එකේ කරකැවෙන තැරව්කාරයෝ; අනික් කට්ටිය තමයි ඔය සත්තු මරන්නේ; ඒ අය කතරගම අවට ගංජා හේන්වල, අනවසර මෑණික් පතල්වල දැව ජාවාරම්කාරයෝ

ළඟ වැඩ කරන ලෝකය සමාජය ගැන කිසිම දැනීමක් නැති මිනිස්සු; ඒ එක මනුස්සයෙක් තමන්ගේ නංගීවම බිරිඳ හැටියට තියාගෙන ඉන්න කෙනෙක් කියලත් ආරංචි වුණා. ඉතින් මොනවද තවත් කතා. ඔය වගේ තත්ත්වයක් යටතේ අපිට පුළුවන්ද ? ජුවම මැදිහත් වෙන්න.


  • ඉතින් කොහොමද ඔය ජාවාරම කෙරෙන්නේ ?

කතරගම වන්දනාවේ ඇවිත් දඩමස් ඉල්ලන මිනිස්සු ගැන අර තැරව්කාරයෝ ඇහැ ගහගෙන ඉන්නවා. ඊට පස්සේ ඒ මිනිස්සුන්ට ළංවෙලා කියනවා මහත්තයා දඩමස් නම් තියනවා ගෙන්නලා දෙන්න පුළුවන්; හැබැයි තියෙන්නේ ටිකක් දුර කිලෝ එකක් රුපියල් දාහක් විතර වෙනවා. දන්නවනේ ‍පොලීසියයි වනජීවී එකයි දෙපැත්තෙන් ඇහැගහගෙන ඉන්නේ අහුවුණොත් අපි සුනේසුන් කියලා. ඊළඟට අර ඝාතකයකුට ටෙලිෆෝන් කෝල් එකක් දෙනවා; පුළුවන් තරම් ඉක්මනට ‘බඩු’ අරගෙන එන්න කියලා ඊට පස්සේ  ඒ අසරණ සත්තුන්ට සිද්ධ වෙන දේ කියන්න තියා හිතන්නවත් කැමති නැහැ. කොහොම හරි අපිට ආරංචි වුණු හැටියට මේ තිරිසන් ජාවාරමින් වැඩිම ලාභය ඔය කියන තැරව්කාරයෝ තමයි ලබලා තියෙන්නේ.


  • දිනුෂලට ඔය ලැබිච්ච තොරතුරුවල සත්‍යතාව තහවුරු කරන්නේ කොහොමද ?

සෙල්ල කතරගම  වතුරුවාරාම පන්සලට ටිකක් එහායින් තියන දඹේ පාරේ කැලෑ මණ්ඩියක ඒ වගේ සත්තු  ගැටගහලා තිබුණු බවට තොරතුරු තියනවා. ඒ විතරක් ‍නෙවෙයි පහුගිය කා‍ලේ කතරගම කැලෑ මණ්ඩියක තිබිලා සත්තුන්ගේ ඔළු කකුල් තියන ‍පෝර උරයක් හම්බුවෙලා තියනවා. තව මෙහාට ටිකක් එහායින් තියනවා කොච්චි ‍පොතාන කියලා ගමක්. ඒකට බෝධිරාජපුර කියලත් කියනවා.  පහුගිය කා‍ලේ ඒකේ එක තැනක අධිශීතකරණයක් ඇතු‍ලේ තියාගෙන දඩමස් ඉල්ලන වන්දනාකාරයන්ට ගෝන්නුන්ගේ මුවන්ගේ ශරීර කොටස් පෙන්න පෙන්නා ඔය තිරිසන් ජාවාරම කෙරිලා තියනවා. අපි සෑහෙන මහන්සියකින් ඒවා ඔක්කොම හොයා ගත්තා.

ඉතින් ඔයා ඔය ගොනු කරගත්තු තොරතුරුවලට මොකද කළේ ?
මම ඒවා සේරම ‘අහිංසා ශ්‍රී ලංකා’ සත්ව හිමිකම් සංවිධානයට දැනුම් දුන්නා. ඊට පස්සේ ඒ අය කතරගම කිරි වෙහෙරේ නායක හාමුදුරුවෝ, සෙල්ල කතරගම වතුරුවාරාම රජමහා විහාරයේ හාමුදුරුවෝ, සෙල්ල කතරගම ගණ දේවාලයේ පූජක තුමා වගේම මේ පැත්තේ තවත් ප්‍රභූන්ගෙනුත්

මේ තොරතුරු සනාථ කරගෙන ඒවා මාධ්‍යවලට දීලා තියනවා. ඒ තොරතුරු ‘ලක්බිම’, ‘ඉරිදා ලංකාදීප’, ‘දිනමිණ’, ‘රිවිර’, ‘ඉරුදින’, ‘ලංකා’, ‘සත්හඬ’ වගේ පත්තරවල පළ වුණා. තව වබේ සයිට් කීපෙකින් පළවුණා. අහිංසා ශ්‍රී ලංකා ෆේස්බුක් වබේ අඩවියේ ඔය මුළු කතාවම තියනවා.


  • කතරගම ප්‍රදේශයේ ඔය ගමේ බරපතළ දෙයක් සිද්ද වෙද්දී ‍පොලීසිය මොකද කරලා  තියෙන්නේ ?

පහුගිය ජූලි 12 දා දිනමිණ පත්තරේට මේ ගැන ලියපු මාධ්‍යවේදියා  කතරගම ‍පොලීසියේ ඕ.අයි.සී. මහත්තයගෙනුත් විස්තර අහලා තිබුණා. එතකොට එතුමා සහතික වෙලා තිබුණා ඔය සංවිධාන කියන්නේ බොරු. මෙහේ එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැමයි කියලා. කොහොම හරි ඊට පස්සේ ඉහළින් ආපු නියෝගයකට අනුව ‍පොලීසියත් දැන් තමයි මේ ගැන හොයන්න පටන් අරන්  තියෙන්නේ. මෙහේ සෑහෙන පිරිසකගෙන් ඒ ගැන ප්‍රශ්න කරලා තියනවා. කොහොම හරි අපිත් ඒ ගැන ලොකු අවධානයකින් ඉන්නේ. ඒත් එක අතකට මේ අපරාධය සම්බන්ධයෙන් ‍පොලීසිය අවදි වෙනකොට සිද්ධ වෙන්න තියන  හුඟක් දේවල් වෙලා ඉවරයි කියලයි මට හිතෙන්නේ.


  • ඇයි දිනුෂා එහෙම කියන්නේ ?

සාමාන්‍යයෙන් කතරගම බෝඩින් වෙලා ඉන්න අපි හැමෝම වගේ සිකුරාදා හවස් වෙනකොට කාමර අයිතිකාරයන්ට බාරදීලා තමන්ගේ ගම රටවල්වලට යන්න ඕනේ; සෙනසුරාදා ඉරිදා ඒ කාමර වන්දනාකාරයන්ට දෙන්න ඕනේ හින්දා. මමත් පහුගිය 15 සිකුරාදා හවස මෙහෙන් ගිහින් ආපසු ආවේ 20 වෙනි බදාදා. ඒ කියන්නේ කතරගම ඇසළ උත්සවයේ දිය කපන දවසේ. එදා ඉඳලා අද වෙනකම් මගේ  පපුව එකම ගිනි ජාලාවක් වගේ. ඒකමයි මම මේ කතාව ඔයාට කියන්න හිතුවේ.


  • ඉතින් ඇයි ඔයා ඒ විදිහට තැවෙන්නේ ?

මම පහුගිය කා‍ලේ කන්න දෙමින් හිටපු එකම සතෙක්වත් ඇසළ උත්සවයෙන් පස්සේ අද වෙනතුරුම මං ඇහැට දැක්කේ නැහැ.

සටහන ඉන්දු පෙරේරා




දැන් ඉතිං ඉෂිතා ගැන තවදුරටත් ලියලා වැඩක් නැහැ. ඇත්ත වශයෙන්ම කියනවා නම් දැන් අපේ රටේ වැඩිමනක් උදවියට දැන් ඉෂිතගෙන් වැඩක් නැහැ. අර කතාවක් තියෙනවනෙ ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙලා කියලා. අන්න ඒ දේ දැන් ඉෂිතාට සිද්ධ වෙලා ඉවරයි. කොහෙදෝ ඉඳලා ආපු ශිවන්යෙක් නිසා දැන් ඉෂිතා කැලේ. ඉෂිතාට දැන් සිද්ධ වෙලා තියෙන්නෙත් කාලයකට කලින් සෝප් ඔපෙරා ප්‍රේක්‍ෂකයන්ගෙ සිත්වල රැව් පිළිරැව් නඟමින් හිටපු, දැන් පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් ගණන් ගන්නෙ නැති ශාන්තිට, ප්‍රවීනාට, තුල්සිට, චංගුමීට ආදී මෙකී නොකී අයට සිද්ධ වෙච්ච දේමයි. ඒත් ඉෂිතා මම නම් කියන්නෙ ඕවට ඔයා සැලෙන්නෙපා කියලයි.

දැන් අර ශිවන්‍යා කියන නයි නළඟන පෙණේ පුප්පගෙන දාන නයි නැටුම් දිහා අපේ රටේ ගොඩක් ඇන්ටිලා අංකල්ලා, නැන්දලා මාමලා, අක්කලා අයියලා වගේම නංගිලා මල්ලිලාත් බලාගෙන ඉන්නෙ කට ඇරගෙන. නයි නළාවක් ඔබන්න පවා පුළුවන් තරමට කට ඇරගෙන ඉතිං ලංකාවේ ප්‍රේක්‍ෂකයන්ගෙ හිත් දිනා ගැනීමේ මෙහෙයුමට මේ වෙද්දී ඉෂිතා සහ ශිවන්යාගේ දරුණු සටනක් පටන් අරගෙන තියෙන්නෙ.

කොහොම වුණත් ඉෂිතා සටන පැරැදී ගෙන එන පාටක් පෙනෙන්න තියෙන නිසාම දැන් ඉතිං මේ ආටිකල් එකෙන් තවදුරටත් ඉෂිතා ගැන කතා කරන එකේ තේරුමක් නැති පාටයි. ඒ නිසා දැන් ප්‍රේක්‍ෂක අවධානය වැඩිපුරම දිනා ගනිමින් පවතින ශිවන්යාගෙ පැත්තට ටික ටික හැරෙන්න හිතුවා.

ශිවන්යා කියන්නෙ නාග කන්‍යාවියක්ලු. හැබැයි ඉෂිතා නිකන්ම නිකන් ගැහැනු ළමයෙක්. ශිවන්‍යාට වෙස් මාරු කරන්න පුළුවන්. ඉෂිතාට ඔය තියෙන ඩයල් එක හැරුණාම පුළුවන් අඬන මූණක් හදාගෙන තොල හප හපා අඬන්න විතරයි. ශිවන්‍යා එකම අරමුණක් වෙනුවෙන් මනුස්ස ලෝකෙට ආපු කෙනෙක්. ඉෂිතාට එකම අරමුණක් ඉස්සර තිබුණා. දැන් ඔහේ එහාට මෙහාට වැනෙනවා. කිසි කමකට නෑ. අර ශගූන් ඉන්න කාලෙ තමයි මරු. කොහොම වුණත් ශිවන්‍යා තරම් ඉෂිතා ලස්සන නැති බව නම් කියන්නම ඕනෙ. මේ වෙලාවෙ ඉෂිතා තියා ලෝකෙ ලස්සනම ගැහැනු ළමයා ප්‍රාදූර්භූත වුණත් එයාව පවා ශිවන්‍යාට සම කරන්න බැහැ.

ශිවන්යාගෙ චරිතය රඟපාන මවුනි රෝයි, ඉෂිතාගෙ චරිතය රඟපාන දිව්‍යංකා ත්‍රිපතිගෙ පරණ යාළුවෙක්. යාළුවෙක් කිව්වට මේ දෙන්නා ඔය අවෝර්ඩ් සෙරමනිවලදී, ෆිල්ම් රිලීසිං සෙරමනිවලදී මුණගැහුණට ඊට වඩා ලොකු යාළුකමක් නෑ. ඒ වුණාට මවුනි රෝයි සහ දිව්‍යංකා ත්‍රිපති 2010 අවුරුද්දෙ පැවැත්වුණු සුප්‍රසිද්ධ ඉන්දීය ටෙලි නාට්‍ය නිළියකගෙ මහා විශාල වෙඩිං එකක දෙවැනි මනාලියන් විදියට ඉඳලා තියෙනවා. මේ දෙන්නට අමතරව ඒ වෙඩිං එකේ දෙවැනි මනාලයන් තව හය දෙනෙක් හිටපු එක එච්චර වැදගත් නැහැ. ලෝකෙ වැඩිපුරම දෙවැනි මනාලියන් දෙවැනි මනාලයන් හිටපු වෙඩිං එක විදියට ගිනස් වාර්තාව තියපු රටක අපි ජීවත් වෙද්දී ඕක මොකක්ද? හරියට බේරෙ වැවට ගෙම්බෙක් වැටුණා වගේනේ.

මවුනි රෝයි ශිවන්යා විදියට රඟපාන කතාවෙ ඔරිජිනල්ම නම නාගීන්, දිව්‍යාංකා ත්‍රිපති ඉෂිතා විදියට රඟපාන කතාවෙ ඔරිජිනල් නම යේ හයි මොහොබතීන්. මේ දෙකම රූගත කෙරුණෙ එකම කාලෙ වුණත් යේ හයි මොහොබතීන් ටිකක් කලින් විකාශය වෙලා තියෙනවා. නාගීන් විකාශය වෙන්න පටන් අරගෙන තියෙන්නේ ඊට අවුරුද්දකට පස්සෙ.කොහොම වුණත් ශිවන්‍යා සහ ඉෂිතා ලංකාවේ ප්‍රේක්‍ෂකයන්ගෙ හිත් දිනා ගැනීමේ මෙහෙයුමේ දැඩි සටන් සහිත සටන් බිමක ඉද්දී මවුනියි දිව්‍යංකයි දෙන්නම මේ කාලෙ හනිමුන් ගිහිල්ලලු.

-දුලංජලී මුතුවාඩිගේ