, , , ,

Gossip Chat with Pradeep Rangana : Shii Gossip

ළගදීම තාත්තා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා- ප‍්‍රදීප් රංගන***************************


වෘත්තීම වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කරන ඔහු ප‍්‍රදීප් රංගන වේ. රසික ආදරය නොඅඩුව හිමි වන ඔහු සමග පැවැත්වූ කතාබහකි මේ.


  • පෙම් සිහිනේ ගීතයෙන් පස්සෙ ප‍්‍රදීප් රංගන ගැන ආයෙමත් කතාබහක් ඇති වෙනවා. නමුත් ඔබේ නිහඬ බවක් පෙනෙන්න තිබෙනවා?

ටික කාලයක් වෘත්තීමය වශයෙන් වෛද්‍යවරයෙක් නිසා නිහඬව සිටියා. අනෙක් හේතුව පෙම් සිහිනේ ගීතය මුදුන්පෙත්තටම ගිය නිසා ඒ ගීතය හිට් වෙනකන් ඉන්න හිතුවා.


  • තව කොච්චර කාලයකටද?

දැනටමත් මගේ ඊළග නිර්මාණය පෙම් සිහිනේ දෙක තවත් විදියකින් කීවොත් මායාවී එන්න තියෙනවා.


  • මේ අලූත් ගීතය ගැන කීවොත්?

මම වෛද්‍යවරයෙක් විදියට ගීතයෙන් මගේ පැත්තෙන් විශේෂ දෙයක් සිදුවියයුතුයි කියලා හිතනවා. 'පෙම් සිහිනයෙන්' මම ඒක පෙන්නුවා. වර්තමානයේ රිගින් ටෝන්වලට යන්නැහැ කියන මායාවි වගේ වචන යොදලා ඒක වෙනස් කළා. බොහෝවිට රිගින් ටෝන් ගීතවල තියෙන්නෙ බැගෑපත්වීමක්. පෙම් සිහිනේ එහෙම නොවුණයි කියලා ප‍්‍රශ්නයක් වුණේ නැහැ.

මායාවී කියන්නෙ අවවාදාත්මක ස්වරූපයක් ගත්ත ආදරයේ පරාජය ජීවිතයේ පරාජයක් කරගන්න එපා කියන ගීතයක්. මායාවී කියන එක මා........ යාවී කියන අර්ථයෙන් යෙදුවෙ මායාවී මගේ ජීවිතයේ අත්දැකීම් එක්කයි ලියවෙන්නෙ.


  • ඔබේ ගීතවල ගීත රචකයා වන්නේ ඔබ?

ඔව් සංගීතය සහ පදරචනය පෙම් සිහිනයේ සහ මායාවී ගීතයත් කළේ මම.


  • ගීත රචකයකු ලවා ඔබ ගීත නොලියන්න හේතුවක් තියෙනවාද?

මට ගීතයක් නිර්මාණය කරද්දී ඉස්සරලම එන්නෙ මෙලඩි එක. මායාවී ගීතයේ මෙලඩි එක මීට අවුරුදු 6කට කලින් කැම්පස් කාලෙ ආව එකක්. මගේ හිතේ තියෙන මෙලඩි එකට ලියන්න  ඕන මොකද්ද කියලා මට දැනෙනවා. තේරෙන භාෂාවෙන් හිතට දැනෙන්නයි මට කියන්න  ඕන. මම සාහිත්‍යධරයෙක් නොවුණත් ඇසූපිරූ තැන්වලින් ලබාගත් දේවල්වලින් මට කියන්න  ඕන දේ ප්ලෑන් එකකින් කියනවා. ගීතය සම්පූර්ණයෙන් විය යුතු ආකාරය ගැන මම හිතනවා. විෂුවල් එකේ ෂොට් මගේ මනසේ මැවුණා. එයයි අධ්‍යක්ෂ ලවා කරගන්නෙ.


  • ඒ කියන්නෙ ඔබ වෙනත් ගීත රචකයන්ගේ ගීත නොගයනවා කියන එකද?

මම අනිත් ගීත රචකයන්ගේ ගීත ගායනා කරන්නෙ නැහැ කියලා එකක් නැහැ. කලින් ගීත ප‍්‍රවීණ පද රචකයන් ලියපු ඒවා. මම කරන වැඬේ සාර්ථකත්වයක් තිබෙන බව මට හිතෙනවා. සමහරවිට මට වචන අමාරු වුණාම මගෙ බිරිය උදව් වෙනවා.


  • ඇය කොහොමද ඔබට සහය දෙන්නෙ?

මම ඔයාට ජීවිතේම ආදරය කරන කාලෙ තමයි ඔයා මාව දාලා ගියේ. කාලයක් මට ඔයාව දකින්නෙ නැතුව ඉන්න බැරි කාලයක් තිබුණා. සමහර අවස්ථාවලදී මෙතනට මට වචනයක් හොයාගන්න අමාරු වෙනවා. මෙලඩි එකටනෙ හදන්නෙ. එතකොට එයා වචන හොයලා දීලා උදව් කරනවා.


  • ඇය සංගීතය ගැන හැදෑරීමක් කරලා තියෙනවද?

විශේෂ හැදෑරීමක් නැහැ.


  • ගීත ලියලා දෙන්න කියලත් ඔබට ආරාධනා එනවද?

නැහැ. මෙලඩිස් කරලා දෙන්න කියලා ඉල්ලීම් එනවා. ඒත් තවම මගේ නිර්මාණ ගැනයි හිතන්නෙ. මම උත්පත්තියෙන් අරන් ආව දේවල් සහ එකතු කළ දේවල් එක්ක තියෙන දැනුමෙන් ඒ වැඬේ කරගෙන යන්න පුළුවන්.


  • රිගින් ටෝන් ගැන ඔබේ අදහස මොකද්ද?

ගායන ශිල්පියකුට, පද රචකයකුට, සංගීතවේදියකුට ආදායම් හොයන්න පුළුවන් ජාලයක්. ජනතාව සතුටු කිරීම ප‍්‍රධාන දෙය වෙන අතරේ අපට ආර්ථික වශයෙන් ශක්තියක් තිබිය යුතුයි. රිගින් ටෝන් බොහොම හොඳ දෙයක්. හැබැයි සින්දු රිගින් ටෝන්වලට කොටු වෙන්න හොඳ නෑ.


  • ඔබ රියලිටි වේදිකාවේ තරග වදිනකොට විනිසුරන් ඔබට කීවේ ඔබෙන් ප‍්‍රතිකාර ගන්න එන අයත් ඔබේ හඬින් සුවපත් වේවි කියලා. අද ඔබ ඒ දේ ඇත්තටම අත්විඳිනවද?

මාව දැක්කම එහෙම සුවපත් වෙනවා ඇති. පාරතොටේදී දකින්නට අපහසු වුණත් රෝහලට ආවාම දකින්න පුළුවන්. මානසික සුවයක් දීමයි අපි ගීතවලින් කරන්නෙ. මානසික සුවයක් මාව දැකීමෙන් ලැබෙන එක ගැන සතුටුයි. නමුත් ලෙඬේට අනිවාර්යයෙන්ම ප‍්‍රතිකාර කළ යුතුයි. ඔවුන් මානසික පැත්තෙන් සුවපත් වෙනවා ඇති කියලා මම හිතනවා.


  • ඔබ බලන්නම රසිකයො රෝහලට එනවද?

එහෙම එන අය ඉන්නවා. සමහරු බොරු ලෙඩ කියාගෙන එනවා. වෛද්‍යවරයෙක් සහ ගායන ශීල්පියෙක්, සංගීතවේදියෙක් විදියට චරිත දෙකක් තියෙනවා. සංගීතවේදියාට, ගායකයාට මිනිස්සු ආදරයක්, ළෙංගතුකමක් තියෙනවා. වෛද්‍යවරයා එතනින් එහාට ගිය කෙනෙක්. සමහර තැන්වලදි ඔවුන් මගෙන් බලාපොරොත්තු වන ළෙංගතුකම රෝහලේදි එකේදී මට දෙන්න බැරිවෙන අවස්ථා තියෙනවා.


  • සුපිරි තරු තෝරන තරග සුපිරි තරු මේ රටට තවත්  ඕනද?

තරග පැවැත්වීම තුළින් හොඳ දෙයක් සිද්ධ වෙන්නේ. ීඵී වලින් මාධ්‍ය හම්බ කරනවා කියලා කෙනෙක් හිතයි. නමුත් අපේ රටට නව ගායකයන් බිහිවීමට රියලිටි ෂෝ තියෙන එක ගැන මම සතුටු වෙනවා. ඒකෙ ලිමිට් එකක් තිබිය යුතු නෑ.


  • ඇත්තටම මේ විදියට බිහිවන සුපිරි තරුවලට පැවැත්මක් තිබෙනවා කියලා ඔබ හිතනවද?

තරගයේදී ඉදිරියට එන්නෙ වෙනත් ගායක ගායිකාවන්ගේ ගීත ගායනා කරලා. තමන්ගේ කියලා, තමන්ව යම් අයකුට සිහිපත්වන ගීත නිර්මාණ බිහිවිය යුතුයි. රියලිටි ෂෝ හරහා බිහි වුණාට පස්සෙ තමන්ගෙ නිර්මාණයක් කරගත්තෙ නැත්නම් ක්ෂේත‍්‍රයේ ඉන්න බැහැ.


  • වෘත්තීය කාර්යයබහුලත්වයත් එක්ක එළිමහන් ප‍්‍රසංගවලට යනවා අඩුද?

මගේ කාලයට සහ රැුචිකත්වයට ගැළපෙන ප‍්‍රසංගවලට මම යනවා. මගේ රසික රසිකාවියන් වෙනුවෙන් යන්න උපරිම උත්සාහ කරනවා.


  • ඔබේ රාජකාරි රෝහල?

දැනට බලංගොඩ ප‍්‍රදේශයේ තිබෙන ප‍්‍රාදේශීය රෝහලකයි වැඩ කරන්නේ.


  • ඔබේ පෙම්වතිය ඔබට මුණගැහුණෙ කොහොමද?

චතුරිකා මට මුලින් හම්බවෙන්නෙ පාටි එකකදි. ඒ දැනට අවුරැුදු 12කට කලින්. කාලයක් තිස්සේ පවත්වාගෙන ආව ආදරයක් පහුගිය අවුරුද්දෙ විවාහයෙන් පසුව ස්ථීර වෙනවා.


  • දැන්මම පියෙක් වෙන්න හිතනවද?

ඔව් ජීවිතයේ මුහුණ දිය යුතු වගකීම් සහගත සන්ධිස්ථාන ඒවා. එහෙම බලාපොරොත්තුවක් තියෙනවා.


  • ඉදිරියට තියෙන සැලසුම් මොනවද?

පෙම් සිහිනයෙන් දැක්ක වෙනස මායාවී ගීතයෙනුත් රසිකයන් දකියි කියලා හිතනවා. මියුසික් වැඩ කරගෙන වෛද්‍යවරයෙක් විදියට ජීවිකාව ඉදිරියට කරගෙන යනවා.

0 comments:

Post a Comment