, , , , ,

ඇමති මාමා කළ උපකාරයට, පුංචි දියණිය කළ - ගුණ සලකයි.


පුංච් දියණියක් ගෙන් ඇමති සාගලට කළ ගුණ සැලකිමක් පිළිබදව ඔහුගේ දෙස්බුක් ගිණුමේ පලවී තිබුනා. ඒ දෙනියාය බෙලිඅත්තකුඹුර ගම්මානයේ  යලින්දි නිමල්ෂා පුංච් දියනියගෙන්.

සාමාන්‍යෙයන් දේශපාලකයන් තෑගි බෙදන්නෙ ජන්ද කාලෙට. ඒ තෑගි අතර ටකරන් සිමෙන්ති ප්ලාස්ටික් පුටු වලින් නම් අඩුවක් නෑ. මේව දෙන්නෙත් නිකන්ම නෙවෙයි මාධ්‍ය කරැවන් වට කරගෙන ඒ තමන්ගේ ප‍්‍රසිද්දිය සදහා වෙන්න ඇති.

නමුත් මේ අපට වාර්ථාවන පුවතනමි හාත්පසින්ම වෙනස් පුවතක් ඒක තමයි තමන්ගෙ ගමේ දිලිදු පවුලක ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වු පහේ හපන්නියට පෞද්ගලිකව ඇමතිතුමා කරගෙන යන වැඩපිලිවෙලකට අනුව දුන් තෑග්ගට පුංචි දියණිය සාගල මාමට ස්තූති කරල ලිවුමක් එවල.

දියණිය ඇමති මාමට කියල තිබුනෙ මෙන්න මේ විදියට,

ආදරණිය සාගල රත්නායක මාමාට,

මාමේ මම 2015 ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 166ක් ලබා සමත් උනෙමි. මගේ අම්මා මාමාට ශිෂ්‍යත්ව ලබා ගැනීමට ඉල්ලූම් පත‍්‍ර පුරවා දමා තිබුනි.

එදා මට මාව විෂ්මයට පත්කරන තෑග්ගකි ලැබුනි.

මගේ අප්පච්චී ට‍්‍රැක්ටර් රියැදුරෙකි. අප්පච්චීගේ පඩිය රැු 15 000 කි. අපට වෙන ආදායමක් නැත.අප්පච්චීගේ පඩියෙන් ගෙදර වියදම් හැරෙන්නට වෙන කිසිවක් ගැන සිතීමට ද හොහැකිය.
මම ශිෂ්‍යත්වය පාස්වු දින මගේ අම්මාටත් අප්පච්චීටත් සතුටු කදුළු හැර වෙන කිසිවක් දීමට බැරි වීම ගැන මටද දුකක් නැත.

එහෙත් මාමා මට අද බයිසිකලයක් දීල කරගත්තේ ලොකුම පිනක්. මට මාමාට බයිසිකලයන් දීල කරගත්තේ ලොකුම පිනක්. මම මාමාට බයිකලය දකින හැම විටම පින්දෙමි. මාමා මට දුන්න සල්ලි වලින් මම අලූත් පොත් මේසයක් ගමි.

මම වගේ මෙවැනි දුප්පත ළමයින්ට මෙවැනි ආධාර කිරීමට මාමාට ශක්තිය  ධෛර්ය ලැබේවා මම හොදින් ඉගෙනගෙන රටේ හොද පුරවැසියෙක්  වෙමි.

මාමාට බුදු සරණයි`

මම ආදරනීය දුව
යලින්දි නිමල්ෂා
බෙලිඅත්තකුඹුර,


කළ ගුණ සැලකිම වැහැරෙමින් පවතින වර්ථමාන සමාජපන්තිය තුල මේ දිලිදු දියනිය වර්ථමාන සමාජයට දෙන ආදර්ශය කෙතරම්ද?




0 comments:

Post a Comment