, ,

ලංකාවට ආපු වෙලාවේ රයිනාගේ කාමරයේ පාන්දර 4 වෙනකන් තරුණියක් ඉඳලා – වැඩේ ගැස්සෙන හැඩයි.


ශ්‍රී ලංකාවේදී 2010 වර්ෂයේ පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දඹුල්ලේ පැවැති ඉන්දු – ශ්‍රී ලංකා තරගයකදී ඉන්දීය ක්‍රීඩකයෙකු නවාතැන්ගෙන සිටි කාමරයේ කාන්තාවක රැඳී සිටීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් නැවත ආරම්භ කරනවාද යන්න පිළිබඳ එළඹෙන ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී තීරණය කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී මැයි 4 වෙනිදා පැවසුවා.

මෙම සිද්ධියට මුල්වූ ඉන්දීය ක්‍රීඩක සුරේෂ් රයිනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් පියවර පිළිබඳව වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් මේ බව පවසා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, අදාළ සිදුවීම තුළ අල්ලස් ලබා ගැනීමක් දක්නට තිබූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පිළිගෙන ඇති බවයි.

මේ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කළ පරීක්‍ෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කර නොමැති බවත්, එහෙත් එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්‍ෂක උපදේශකවරයා විසින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයාට, අතිරේක ප්‍රධාන විධායක නිලධාරීවරයාට සහ ජාත්‍යන්තර ක්‍රිකට් දූෂණ මර්දන නිලධාරිවරයාට පිටපත් සහිතව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ කළමනාකරු වෙත ලිපියක් යවා ඇති බවද පවසා සිටියේය.

කෙසේ වුවද, සිද්ධිය සම්බන්ධයෙන් වූ කිසිඳු පරීක්‍ෂණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙතෙක් සිදුකළ බවට වාර්තා වී නොමැති හෙයින් විමර්ශනයක් සිදුකළ යුතු යැයිද ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.

2010 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දීය ක්‍රීඩක සුරේෂ් රයිනාගේ කාමරයට කාන්තාවක් පැමිණි බවට එකල්හි තොරතුරු වාර්තාවූ අතර, එම කාන්තාව එදින රාත්‍රියේ රයිනාගේ කාමරයේ  රැඳී සිට පසුදා අලුයම 4.00 ට පමණ පිටව ගොස් තිබෙන බවට සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම සිදුවීම පිළිබඳව එම තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ ආරක්ෂාව භාරව කටයුතු කළ නිලධාරියාද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අදාළ අංශවලට දැනුම් දුන් බවත්, සී.සී.ටී.වී. කැමරා දර්ශන ඔස්සේ ඒ බව තහවුරු වී තිබෙන බවත් එකල වාර්තා විය.

කෙසේ නමුත් මේ සිදුවීම් පිළිබඳව සොයා බැලීමට වාර්තාවක් සකස් කළේද, නැතිනම් එම වාර්තාවට මේ දක්වා කුමක් වූයේදැයි යන්න පිළිබඳව සඳහනක් නොමැති අතර, ඉන්දීය ක්‍රිකට් ආයතනයේ බලපෑම මත එම වාර්තාව යට ගැසීමට එකල්හි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ප්‍රබල චෝදනාවක් එල්ල විය.

1 comment:

  1. oka yata gahai indian kalakanni. ei unge heththane inne, wena rataka ekeknam den thahanam karalath ivarai. me indian pililaya loken ain karanakan ithin cricket walata aba saranai

    ReplyDelete