, , ,

Facebook සාමාජිකයෙකු මැරුණොත් වෙන දේ මෙන්න (PHOTOS)


Facebook සමාජජාලය අද ලෝකයේ හැම පුද්ගලයෙක් අතරම පැතිරිලා ඉවරයි. Facebook ගිණුමක් නැති කෙනෙක් අද වෙනකොට හොයාගන්නත් බැරි තරම්.

තමන්ගේ මිතුරන් සමඟ වගේම නෑදෑයෝ, නාඳුනන පුද්ගලයින් සමඟත් Facebook ඔස්සේ බොහෝ පිරිසක් සම්බන්දකම් පවත්වනවා.

ඔවුන් එක්ක ඡායාරූප, වීඩියෝ Share කරගන්නවා, සමහර අවස්ථාවල පෙම්වතුන් වෙලා ඉන්නවානම් දවසට පැය ගණන් දවස් ගණන් Chat කරනවා.

හැබැයි මේ හැමදේම අතරේ අපි කවදාහරි දවසක මිය යනවා. එදාට අපේ Facebook ගිණුමට මොනවා වෙයිද ? මේ ගැන ඔබ නොහිතා ඇති.

නමුත් Facebook සමාගම මේ පිළිබඳව පියවරක් ගෙන තිබෙනවා.

ඒකට ඔවුන් හඳුන්වාදීලා තියෙන ක්‍රමය තමයි Facebook ගිණුම් හිමියෙක් මියගියාට පස්සේ ඔහුගේ ගිණුමට වෙන දේ ගැන ඔහුට මියයන්නට ප්‍රථමයෙන් තීරණය කරන්න පුලුවන් අවස්ථාවක් උදාකරලා දෙන එකයි.

ඒ අනුව තමන්ගේ ගිණුම මරණයෙන් පසුව වෙනත් අයෙකුට පැවරීමේ හැකියාව තිබෙන බවයි Facebook සමාගම පවසන්නේ.

නමුත් පවරන පුද්ගලයාට එම ගිණුමේ භාවිතා කල හැකිවන්නේ සීමා සහිතවයි.

ඔහුට මියගිය පුද්ගලයාගේ පෞද්ගලික පණිවුඩ නැරඹීමේ හැකියාව නොමැති නමුත් Profile Pictures, Cover Photos වෙනස් කිරීමේ හැකියාව ලැබෙනවා.

ඒ වගේම අවශ්‍යනම් තමන්ගේ මරණයෙන් පසුව තමන්ගේ ගිණුම අක්‍රීය කිරීමේ හැකියාව ද Facebook හිමියන්ට මෙහිදී හැකියාව ලැබෙනවා.

නමුත් එය අක්‍රීය කිරීමට නම් ඔහු මියගිය බවට Facebook වෙත වෙනත් අයෙක් විසින් දැන්විය යුතු වෙනවා.

ඒ වගේම තමන්ගේ Facebook wall එක වෙනත් අයට එහි පණිවුඩ පලකල නොහැකි ලෙස සකසා ඇත්නම් මරණින් පසුව එය Unlock කර ඔහුගේ මරණය වෙනුවෙන් එහි ශෝකය පළකිරීමේ හැකියාව ද මෙම නව විශේෂාංගය මඟින් හඳුන්වාදීමට Facebook සමාගම කටයුතු කර තිබෙනවා.

මෙය ඔබගේ ගිණුමට එක්කරගැනීමට Settings ඔස්සේ Security Settings වෙත ගොස් එහි ඇති Legacy Contact වලට මරණයෙන් පසු ඔබගේ ගිණුම හිමිවිය යුතු කෙනාගේ නම ඇතුලත් කළ හැකියි.

එය පියවරෙන් පියවර සිදුකරගන්නේ මෙහෙමයි.





0 comments:

Post a Comment