, ,

මාලබේ ගණිකා නිවාසයට ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රහාරයක්‌.


මාලබේ ප්‍රදේශයේ ප්‍රධාන පාසල් දෙකක්‌ අතර ලැගුම්හලක්‌ ලෙස පවත්වාගෙන යන ගණිකා නිවාසයකට විරෝධය දක්‌වමින් ප්‍රදේශවාසීන් විසින් එම නිවාසයට ගල් මුල් ප්‍රහාරයක්‌ එල්ල කර ඇතැයි තලංගම පොලිsසියෙන් වාර්තා වේ.

මාලබේ රොබට්‌ ගුණවර්ධන මාවතේ පවත්වාගෙන යනු ලබන මෙම ලැගුම් හල කැලණිය ප්‍රදේශයේ නමක්‌  රැන්දූ දේශපාලනඥයකුගේ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු විසින් පවත්වාගෙන යන බවට චෝදනා කර සිටින ප්‍රදේශවාසීහු දේශපාලන අධිකාරියේ බලපෑම් මත මේ සම්බන්ධයෙන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොවන බවත් පවසා සිටිති.

කොල්ලුපිටිය ප්‍රදේශයෙන් රැගෙන එන විදේශ කතුත් මෙහිදී ඉහළ මිලකට අලෙවි වන බවත් මෙරටට පැමිණෙන විදේශිකයන් මෙන්ම මහපරිමාණ ශ්‍රී ලාංකික කෝටිපතියන්ද මෙම විදේශ ගණිකාවන්ගේ පහස සොයා පැමිණෙන බවත් ප්‍රදේශවාසීහු පොලිසිය මෙන්ම අදාළ බලධාරීන්ද දැනුවත් කර ඇතැයි පවසති.

මේ සම්බන්ධයෙන් එම ලැගුම් හලට එරෙහිව ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කරන අය වෙත එහි ආරක්‌ෂක නිලධාරින් ලෙස කටයුතු කරන මැර පිරිස්‌ ලවා මරණීය තර්ජන එල්ල කරන බවත් එසේ මරණීය තර්ජන එල්ල කළ අය ඒ පිළිබඳව තලංගම පොලිසියට පැමිණිලි කර තිබෙන බවත් ප්‍රදේශවාසීහු පවසති.

මෙම ලැගුම් හල සඳහා මත්පැන් බලපත්‍ර ලබාගැනීමට එහි හිමිකරුවන් මේ දිනවල කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා ප්‍රදේශයේ දේශපාලන බලවතුන් ඔවුනට සහය වී සිටින බවත් ප්‍රදේශවාසීන් හා එම ප්‍රදේශයේ විහාරස්‌ථානයක හිමිනමක්‌ විසින් රජයේ බලධාරීන් මේ වනවිටත් දැනුවත් කර ඇතැයිද පැවැසේ.

0 comments:

Post a Comment