, , , ,

ගිරාගේ වැඩවලට පියුමි රෙඩි : කටකතාවලට පියුමි පිළිතුරු දෙයි.


රංගන ක්‍ෂේත‍්‍රයේ සිටින නිළියන් බොහෝ දෙනෙක්‌ විවාහයත් එක්‌කම තම වැඩකටයුතු සීමා කරගන්නවා. ඒ අතරින් රංගනයෙන් සමුගන්නා කිහිප දෙනෙකුත් නැතිවාම නෙමෙයි. ඒ දේවල් එහෙම සිදුවෙද්දී නිර්මාණ අතර නිතර පේ‍්‍රක්‍ෂක නෙත ගැටුණු පියුමිත් දැන් දැන් නිර්මාණ අතර එතරම්ම දකින්න නැති නිසා ඒ ගැන අපි පියුමිගෙන්ම ඇහුවා.


  • පියුමි කොහොමද ඉතිං?

ගොඩක්‌ හොඳින් ඉන්නවා.


  • අවුරුදු ජයයිද?

ජයයි. කලින් වසරවල වගේම සතුටින් ගතවුණා.


  • විවාහයෙන් පස්‌සේ සමරපු මුල්ම අවුරුද්ද විශේෂ වුණේ නැද්ද?

සුනෙත්ගේ ඥති පිරිස වැඩි නිසා නෑගම් යන ගෙවල් ගණන වැඩි වුණා.


  • අලූත් අවුරුද්දට කියලා පියුමිගේ අතින් කෑම හැදුනේ නැද්ද?

අම්මා කොකිස්‌ හැඳුවා. මමත් ඒකට උදව් වුණා.


  • ඒ කියන්නේ පියුමිට කෑම හදන්න බැරිද?

කැවිළි ජාති නැතිව සාමාන්‍ය කෑම වර්ග හොඳ රසට හදන්න පුළුවන්.


  • ඒ කියන්නේ පියුමිට හොඳටම පුළුවන් රගපාන්න විතරද?

හොඳටම පුළුවන් රගපාන්න නමුත් ආත්ම ගරුත්වය රැුකගන්න පුළුවන් තරමට කෑම වේලක්‌ හදාගන්න පුළුවන්.


  • ඇයි දැන් ඉස්‌සරවගේ නිර්මාණවල දකින්න නැත්තේ?

විවාහයත් එක්‌ක එක දිගට නිර්මාණවලට සම්බන්ධ වීම කොහොමත් සීමා වුණා. මේ දවස්‌වල සබ්බ සකල මනා, මෙඩි සිනා නාට්‍යවල ප‍්‍රධාන චරිත රගපානවා.


  • ප‍්‍රහසනාත්මක නාට්‍යවලටම සීමා වෙන්නේ ඇයි?

ඒකට හේතුව තමයි වර්තමානයේ වැඩි ප‍්‍රමාණයක්‌ බිහිවෙන්නේ ප‍්‍රහසනාත්මක නිර්මාණ. අනික මට ලැබෙන චරිතයේ නිර්මාණය තුළ යම් වෙනසක්‌ කරන්න පුළුවන් නම් එවැනි චරිත තමයි මම හොයන්නේ.


  • හිතෙන හිතෙන වෙලාවට නිිර්මාණවලට සම්බන්ධ වීම සීමා කරන එක හරිද?

පේ‍්‍රක්‍ෂකයන්ට කරපු අසාධාරණයක්‌ කියලා මටත් දැනෙනනවා. විවාහයත් එක්‌කම වැඩවල හිරවුණොත් ඒකත් මගේ පවුල් ජීවිතයට කරන අසාධාරණයක්‌ කියලා හිතුණා.


  • මේ දේවල්වලට සැමියගෙන් තහංචි වැටිලා නැද්ද?

මගේ නිදහස විවාහ වුණා කියලා වෙනසක්‌ වුණේ නැහැ.


  • පියුමි පණ්‌ඩිතයි කියන්නේ ඇත්තද?

මම කතා කරන විදිහට වෙන්න ඇති ගොඩක්‌ අය ඔය ප‍්‍රශ්නෙ මගෙන් අහන්නේ. ඒක තමයි මගෙ වෙනස.


  • ඔය වෙනස නිසා පියුමිට ලැබෙන නිර්මාණ අඩුවෙලා කියලත් කියනවා?

ඔය කියන කතා කොච්චර දුරට ඇත්තද කියලා  ඕවා පතුරවන අයගෙනන්ම තමයි අහන්න වෙන්නේ. මම කොහොමත් දොඩන්ගොඩ බදාගත්තා වගේ නිර්මාණ පොදි ගණන් භාරගන්න කෙනෙක්‌ නෙමෙයි.


  • පියුමිව අඳුරගන්න බැරිතරමටම ශරීරයෙන් වෙනස්‌වෙලා?

ගෙදරදි වුණ අනතුරක්‌ නිසා කකුල ඩැමේඡ්වෙලා මාස දෙකක්‌ විතර එකතැන ඉන්න වුණා. ඒ කාලේ ටිකක්‌ මහත්වෙලා හිටියා. දැන්නම් උවමනාවෙන්ම කෙට්‌ටු කරගත්තා.


  • විදේශ සංචාරත් මගහරිනවද?

එහෙමමත් නැහැ. ලබන මාසේ සබ්බ සකලමනා ටීම් එකත් එකක්‌ ටුවර් එකක්‌ යන්න තියෙනවා. හැබැයි ඉස්‌සර වගේ ලැබෙන හැම ටුවර් එකක්‌ම භාරගන්නේ නැහැ.


  • ගිරිරාඡ්, ප‍්‍රියන්ත අයියලත් එක්‌ක කරපු කොමඩි වැඩසටහනට මොකද වුණේ?

අති සාර්ථකව ඉදිරියට කරගෙන යනවා.


  • ඒකෙන් පියුමි ඉවත්වෙලා කියන කතාව?

මාව කටකතාවලට බයකරන්න පුළුවන් ගැහැනියක්‌ නෙමෙයි.  ඕවා ඉරිසියාවට කියන කතා විතරයි.


  • ඒ කියන්නේ මේ කතා බොරු?

ගිරා අයියා වැඩක්‌ භාරගෙන පියුමිට කතා කරන්නේ කොයි වෙලාවටද ඒ  ඕනම වෙලාවක පියුමි රෙඞී.


  • වේදිකාවෙන් සමුඅරගෙනද?

විරාම ලක්‌ෂණයක්‌ තිබ්බා විතරයි.


  • දේශපාලන කටයුතුවලට සහයෝගය දෙන්න කියලා සැමියා ඉල්ලීමක්‌ කළොත්?

මම කවදත් දේශපාලනය කතා කරපු කෙනෙක්‌ නෙමෙයි. ඒ නිසා මට කවදාවත් දේශපානය කරන්න බැහැ කියලා සුනෙතුත් දන්නවා. මගේ පේ‍්‍රක්‍ෂකයනින් කැමති මම රගපානවට විතරයි.

(දිවයින පුවත්පත ඇසුරෙනි)

0 comments:

Post a Comment