, , , ,

පූජා ගණිකාවකගේ චරිතයක්‌ රඟපෑවාලු....?


පූජා රඟපෑ පත්තිනි චිත්‍රපටය මැයි මස 5 දා සිට තිරගත වෙනවා පත්තිනිහි කන්නගි චරිතයට පණ පොවන්නේ පූජා. පූජා උමාශංකර් මේ දවස්‌වල ඉන්නේ නුවරඑළියේ. සෝමරත්න දිසානායකගේ අලුත්ම චිත්‍රපටය "සරිගමප" හි ප්‍රධාන චරිතය "මරියා" ලෙස රඟපාන්නේ පූජා.

එය පූජා...... කුඩා ළමයින් හත් දෙනකු සමඟ රඟන ලස්‌සන චිත්‍රපටයක්‌. නුවරඑළියේදි චිත්‍රපටයේ ගීයක්‌ රූගත කරන අතරතුරදී ලද විවේකය පූජා යොදා ගත්තේ පාඨකයන් වෙනුවෙන් කතා කරන්නයි.

"කොහොමද "පත්තිනි දේවිය".

කුසපබා කරද්දී තමයි මට ආරංචි වෙන්නේ පත්තිනි කරනවා කියලා. ඊට පස්‌සේ "දස්‌කොන්" කරනවා කියලත් දැනගත්තා. ඉතින් "පත්තිනි" කන්නගීට සහ දස්‌කොන් "ප්‍රමිලා"ට මාව තෝරා ගත් බවත් දැන ගත්තා 

ඇත්තටම පත්තිනි ඉන්දියාවෙ බව මම දැන හිටියේ නෑ. නමුත් මම කන්නගි ගැන දැන හිටියා. චෙන්නාහිවල තියෙනවා පා සළඹ අතින් ගත් පත්තිනිගේ ප්‍රතිමාවක්‌ ඒ කන්නගි බව පසුව දැනගත්තා. ලංකාවට ආ පසුවයි දැන ගත්තේ ඇය දෙවඟනක්‌ බව. හරිම ලස්‌සන චරිතයක්‌ මේක. අනෙක ඉන්දියානු කාන්තාවක්‌. මම හරි කැමැති වුණා මේ චරිතය කරන්න. සුනිල් ආරියරත්න මහත්තයාට වුවමනා වුණා මාවම කන්නගි චරිතයට යොදා ගන්න.

මේ ඔබ රඟපෑ සුනිල් ආරියරත්න මහතාගේ දෙවැනි චිත්‍රපටය.?

ඔව්. මෙය කාන්තාවගේ පාරිශුද්ධ බව ශක්‌තිය ගැන කියන චිත්‍රපටයක්‌. සුනිල් ආරියරත්න මහත්තයා ඉතාම හොඳින් තිරපිටපත ලියා තිබුණා. ලස්‌සන කතාවක්‌ මට කිසිම සැකයක්‌ නෑ, පත්තිනි සාර්ථක චිත්‍රපටයක්‌ වෙනවා. කුසපබා මම කලින් රඟපෑවා. ඒකත් ඉතාම සාර්ථක චිත්‍රපටයක්‌ වුණා. සුනිල් ආරියරත්න කී පමණින් හැම දෙනාම දන්න චරිතයක්‌ නේ. ඔහු සාහිත්‍යධරයෙක්‌. ගී පද රචකයෙක්‌.

ඔබ පත්තිනි චිත්‍රපටයේ රඟපෑවේ උද්දික ප්‍රෙAමරත්න සමඟ......?

ඔව්.... ඔහු ඉතා දක්‌ෂ නළුවෙක්‌. ඔහු මට හුඟාක්‌ උදව් කළා. සිංහල වචන උච්ඡාරණය ගැන මට බොහෝ දේ කියා දුන්නා.

පත්තිනි චිත්‍රපටයට ඔබේ කට හඬ භාවිත කළාද?

නෑ..... මා වෙනුවෙන් පත්තිනි චිත්‍රපටයට දෙබස්‌ කළේ හිමාලි සයුරංගි. ඇය ඉතා දක්‌ෂයි. උද්දික මට බොහෝ දේ කියා දුන්නා, මේ වගේ කළොත් හොඳයි නේද කියා. ඔහුගේ අදහස වුණේ හැම කෙනෙක්‌ම චිත්‍රපටය ලස්‌සනට කළ යුතුයි එවිට තමයි එය හොඳ චිත්‍රපටයක්‌ වන්නේ කියන එක. ඔහු සමඟ වැඩ කළේ සතුටින්.

කන්නගිට පස්‌සේ ඔබ දැන් සරිගමප චිත්‍රපටයේ රඟපානවා.

නෑ..... මම ඊට කලින් සදේශ් කුමාර්ගේ අලුත් චිත්‍රපටයක රඟපෑවා. ඒක රාජාරාණි ද්‍රවිඩ චිත්‍රපටයේ කතාව. මා සමඟ හේමාල් රණසිංහ රඟපෑවා. තවම නමක්‌ තැබුවේ නෑ. තවමත් ඒ චිත්‍රපටයේ වැඩ කෙරෙනවා. ඉන් පස්‌සේ තමයි දැන් මේ සෝමරත්න දිසානායක මහත්තයාගෙත් රේණුකා බාලසූරිය මහත්මියගේත් අලුත් චිත්‍රපටය සරිගමප හි රඟපාන්නේ.

මෙහි ඔබේ චරිතය - 

මේක මගේ හීනයක්‌ සවුන්ඩ් ඔµa මියුසික්‌ මම කුඩා කාලේ නරඹපු චිත්‍රපටයක්‌. ඒ චිත්‍රපටයේ මරියාගේ චරිතය රඟපාන්න මම හරිම කැමැත්තෙන් හිටිය. ඒක මගේ හීනයක්‌ වුණා. දැන් සරිගමප නමින් හැදෙන්නේ ඒ චිත්‍රපටයයි. මගේ හීනය සැබෑ වුණා. අංජලිකා රඟන කාලෙත් මම මාධ්‍යයට කියා තිබුණා මගේ හීනයක්‌ තමයි සවුන්ඩ් ඔµa මියුසික්‌ චරිතය වගේ චරිතයක්‌ ළමයින් සමග රඟපාන එක කියලා.

ළමයින් සමග රඟපාන්නේ

හරිම සතුටුයි මරියා මගේ චරිතය හරිම දඟයි. කන්‍යාරාමයක ඉන්න තරුණියක්‌. තවත් ළමයින් හත් දෙනෙක්‌ සමඟ රඟනවා.....මේක ළමා චිත්‍රපටයක්‌ නොවේ. සංගීතමය චිත්‍රපටයක්‌.

ඔබට ඉන්දියාවේදී සම්මාන ලැබී තිබෙනවා.......

ඔබ... නාන් කඩවුල් චිත්‍රපටයට මට සම්මානයක්‌ ලැබුණා. ඒවගේම මම කැමැතිම චරිතයක්‌ කළා විඩියුම් චිත්‍රපටයේ. ගණිකාවකගේ චරිතයක්‌. බාලාජිගේ චිත්‍රපටයක්‌ නාන්කඩාවුල් චරිතයට පස්‌සේ මට මේ චිත්‍රපටයටත් සම්මානයක්‌ ලැබුණා.

යළි ඉන්දියාවට යන්න අකමැතියි වගේ.?

ඇත්ත, මම කැමැතියි ලංකාවට. ඉන්දියාවට යන්න මගේ කැමැත්තක්‌ නෑ.... ඒත් මගේ තාත්තා, මල්ලි බලන්න යනවා. මගේ හදවත තමයි ශ්‍රී ලංකාව. මම ලංකාවට ආදරෙයි. ලංකාව වගේ ලස්‌සන රටක්‌ දාල යන්න මට දුකයි. ශ්‍රී ලංකාවේ තියෙන වටිනාකම කොච්චරද. ඒත් රටේ සමහරුන්ට මේ වටිනාකම දැනෙනවාද කියලත් හිතෙනවා.

ශ්‍රී ලංකාවෙන් සම්මාන ලැබිලා නෑ....

නෑ.....මම සම්මාන බලාපොරොත්තු වෙන්aනේ නෑ. ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආදරය මට තියෙනවා. මට ඒ ඇති. මට සම්මාන උළෙල කිහිපයකට ආරාධනා කළා. මම ඒ උළෙලේ සම්මානවලට නිර්දේශත් වී තිබුණා. ඒත් මම ඒ උළෙලට සහභාගි වුණේ නෑ. සම්මානවලට වඩා ජනතාවගේ ආදරය තමයි වටින්නේ.

නිතරම ඉන්නේ රසිකයන් පිරිවරාගෙන.... 

ඔව්... මම හරිම කැමැතියි පිරිසක්‌ එක්‌ක ඉන්න. තනිවම කාලය ගත කරන්න මම කැමැති නෑ. නිතරම තව කිහිප දෙනෙක්‌ මා සමඟ ඉන්නවා.

කාර්යබහුලයි....?

චිත්‍රපටවලට වඩා මේ දවස්‌වල විවිධ සමාගම් වල ප්‍රවර්ධන වැඩසටහන්වලට ආරාධනා ලැබෙනවා. ඒ නිසා ඉදිරියේදීත් ටිකක්‌ කාර්යබහුල වෙනවා. කොතරම් කාර්ය බහුල වුණත් මම මගේ රසිකයන්ව අමතක කරන්නේ නෑ. අනෙක මම මට ලැබෙන දෙයින් ඉතා කුඩා කොටසක්‌ වුණත් තවත් අසරණ කෙනෙකුට පරිත්‍යාග කරනවා. ඒක මම කරන්නේ හරිම සතුටින්. අපිට විශාල ධනස්‌කන්ධයක්‌ තිබිය යුතු නෑ. පිං දහම් කරන්න. ලැබෙන සුළු ප්‍රමාණයෙන් පුංචි කොටසක්‌ තවත් කෙනකුට දෙන්න ඇත්නම්, එහෙම කළාම තමයි අපිට තව තවත් ලැබෙන්නේ. 

අජිත් අලහකෝන්
ඡායාරූප - සංදේශ් බණ්‌ඩාර

0 comments:

Post a Comment