, ,

රූමතියන් කාමිනියන් වන්නේ ඇයි? ජ්‍යොතිෂයෙන් හෙළිදරව්වක්.


මේ කාන්තාව අභිසාරිකාවක් නොවේ. අදටද ඉතාම ඉහළ සමාජ මට්ටමක ජීවත්වන වයසට ගියද සුන්දරත්වය මැකීගිය කාන්තාවක් නොවේ. අවුල් නොමැතිව සමාජයේ තැනක ජීවත්වන කාන්තාවකි.

අධික කාමාශාව ඇති අය බිහිවීම ස්වභාවධර්මයේ වරප‍්‍රසාදයක් මිස අවුලක් නොවේ. සොබා දහමේ මේ නියමය ස්ත‍්‍රී පුරුෂ දෙපක්ෂයටම ‍පොදුය. රූප සම්පත්තියත්, අධික කාම ආශාවත් ඇති කාන්තාව මෝහිනියක ලෙස හැඳින්වීමද පුදුමයට කරුණක් නොවේ.

ඉතිහාසය විමසන විට එදා පටන් අද දක්වාම ප‍්‍රසිද්ධියට පත් කාමිනියන් රැුසක් ගැන අසන්නට ලැබේ. ක්ලියෝපැට්රා, අනුලා බිසව, බුදුන් කල විසූ මාගන්ධි, ක‍්‍රිස්ටීන් කිලර් යන මේ ස්ත‍්‍රීන් ප‍්‍රසිද්ධ කාන්තාවන් කීපදෙනෙකි. මේ අතර රහසේ ජීවත්වන මෙවන් කාන්තාවෝ අනන්ත අප‍්‍රමාණ ගණනක් සිටිති. 

රජවරු, සිටුවරු, ප‍්‍රභූවරු පමණක් නොව අවශේෂ ඇත්තෝද මෙම කාමිනියන් ඉදිරියේ දණින් වැටුණේය. කාලිදාස පර්ඩිතුමා පවා වරක් මෙවන් කාමිනියක නිසා හිස මුඩුකරගත් පුවතක් ඉතිහාසයේ සඳහන් වේ. රූප සෝබනී නගර ශෝබනී වැනි ඉහළ නාමයකින් ඔවුන් හඳුන්වන ලද අතර අනෙක් අවශේෂ ඇත්තෝ අභිසාරිකාවෝ වූහ.

මෙවන් කාන්තාවෝ රූප සොබාවෙන් ඉතාමත් සුන්දර වූවෝය. ඔවුනගේ දේහ ලක්ෂණ මහ බඹා විසින් මවා ඇත්තේද එවන් සුන්දර ලෙසටය. දුටුවන් තමා වෙතට ඇද ගන්නා අන්දමටය. මොනර පිලක්වන් කෙස් කළඹ, දිගු නිලූ‍පුල් දෙනෙත් යුග, ඔවුනට ආභරණ වෙයි.

ීඡුධභීධඍෑෘ ඣභඔෑභඔ
ඉහ ඵටසා

ඵැැඑ ්බ ්ිස්බ ඊැ්මඑහ ්‍යැරුෟ
දරසැබඑඉැ්මඑසැිගබැඑ
සිසිවන උවන ඉඟසුඟ ගත හැකි මිටින
නිසි පුළුලූ‍කුල රියසක යුර තිසර තන
දිසි රණළියෙව් රූසිරියුත් මෙපර ඟන
ඇසිපිය හෙළන පමණින් නොවෙති දෙවඟන

මගේ මාතෘකාවට අදාළ කාන්තාවගේ රූප සොබාව ගැන කීමට ශ‍්‍රී රාහුල හිමියන්ගේ මේ කව පමණක් ඇතියැයි සිතමි. මොවුන් සම්බන්ධ ‍ජ්‍යොතිෂ්‍යම සාධක විස්තර කිරීමට මින් මතුවට උත්සාහ කරමි. මෙවන් රූප සෝබාවෙන් යුක්තවූවෝ බොහෝ දුරට කාමිනියන් වන්නේ ඇයි දැයි සොයා බලමු.

සාම්ප‍්‍රදායික ‍ජ්‍යොතිෂයේ මෙවැන්නක් බිහිකරවන යෝග හඳුන්වන්නේ ව්‍යාභිචාරී යෝග ලෙසිනි. බොහෝවිට අප ඉහත දක්වන ලද කාන්තාවන්ගේ කේන්දර විමසන විට මෙම තත්ත්වය අපට වටහා ගත හැකිවෙයි.

මත්ස්‍ය යෝගය, කලානිධි යෝගය, මද්‍ය යෝගය, අවතාර යෝගය මෙයින් කීපයකි. ග‍්‍රහයෝග සංග‍්‍රහව යන ග‍්‍රන්ථය ගෙන විග‍්‍රහ කර බලාගන්න. මෙවන් තවත් ග‍්‍රහයෝග ගණනාවක් සොයාගත හැකිවෙයි.

මත්ස්‍ය යෝගය යෙදෙනුයේ 1,9,8,4 ස්ථානවල පාපයන්ද, පස්වැන්නේ පාපයන් සමග සුබයන්ද සිටීමෙන් යෙදෙන යෝගයකි. මෙය කාමාධික බව ශරීර ශක්තිය ඇති කරවන යෝගයක් ලෙස ගැනෙයි. එහෙත් 1,5,9 ස්ථාන අයත් වන්නේ ලග්න ත‍්‍රිකෝණය ලෙසටයි. එහෙයින් 1,5,9 ත‍්‍රිකෝණයට පාපයන් ඇතුළුවීමෙන් ශරීර ශක්තිය, කාමාධික බව ඇතිවන්නේ කෙසේද යන්න සිතන්නට දුෂ්කර කාරියකි.

කලානිධි යෝගය යෙදෙනුයේ ගුරු දෙවැන්නේ හෝ පස්වැන්නේ සිටියදී බුදුගේ හෝ සිකුරුගේ දෘෂ්ටියට අසුවීම හෝ ගුරු එම භාවවලදී ඔවුන්ගේ රාශියක තැන්පත්වීම නිසාය. මෙම යෝගවල ප‍්‍රතිඵලය මෛථුනයට ඉතා ඉහළ ඇල්මක් දක්වන නිරෝගී ශක්තිමත් කෙනෙකු බිහිකරවීමට බලපාන යෝගයකි. මෙයද තරමක් විවේචනයට ලක්වන යෝගයකි. ගුරු සාමාන්‍යයෙන් තාපස ගුණ ඇති ග‍්‍රහයෙකි. සල්ලාල ගති සහිත බුධත් සිකුරුත් සමග ගුරු එකතුවීම පාප කර්ම කිරීමට ‍පොලඹවන යෝගයක් ලෙස හඳුන්වනු ලබයි. එසේම දෙවැන්න සහ පස්වැන්න ආශාව වඩවති. භාව ලෙස හඳුන්වයි.

මදන යෝගය නමේ අර්ථයෙන්ම කාම යෝගයක් ලෙස ගනු ලබයි. 10 වැන්න අධිපතියා සිකුරු සමග ලග්නයේ සිටීමත් 11 වැන්න උච්ච වීමත් නිසා ඇතිවන යෝගයක් ලෙස මෙය පෙන්වා දී තිබේ. මෙම යෝගය ස්ත‍්‍රීන්ට යෙදීම පුරුෂයන් පසුපසයාමක්. පුරුෂයන්ට යෙදීම ස්ත‍්‍රීන් පසුපස යාමටත් බලපාන යොගයකි.

අවතාර යෝගය අධික කාමාශා ඇත්තවුන් බිහිකරන යෝගයක් ලෙස පෙන්වා දෙයි. ලග්නය චර රාශියක් වීමත් එහි ගුරු සිකුරු කේන්දරගතවීමත් ශනි උච්ච හෝ කේන්දරගත බලය ලැබිමත් නිසා මෛථුනයට බලවත් කැමැත්තක් සහ ආශාවක් පිරුණු කෙනෙකු බිහිකරවන බවත් කාමභෝගී කෙනෙකු කරවන බවත් පෙන්වා දී තිබේ.

මෙම යෝග දෙකෙහි එකතුවෙන් මදන කාම අවතාරයක් බිහිවීමට ශක්තිය තිබේ. ඇත්තෙන්ම විමසන විට මෙය සත්‍ය දැයි සොයා බැලීම ඉතාම වැදගත්ය.

-මීගොඩ ඞී.ඇම්. ධර්මසේන

0 comments:

Post a Comment