, ,

ලංකාවේ මේ දිනවල කතා බහට ලක්වන 'තිලංක' කවුද? (shii gossip)



බොහෝ තරුණ තරුණයින් 2016.06.19 දින 'සත්හඩ පුවත්පතේ කැදැල්ල අතිරේකයේ' පළ වූ කවරයේ ඡායාරූපයට ආදරය කරමින් එම ඡායාරූපය තම ෆේස් බුක් ගිණුම් වල කවර සදහා ද භාවිතා කරමින් "ඔයයි මමයි කවදාහරි බැදලා මෙහෙම පන්සල් යමු!" කියලා ප්‍රාර්ථනා කරමින් ස්ටේටස් දමන්නටද විය.අපේ මේ කතාබහ ඒ ඡායාරූපයේ නිරූපණ ශිල්පී තිලංක සමගයි.ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට තිලංකව කතා බහට එකතු කරගැනීමට සමත් වූයේ 'Shii Gossip' අපි විසින් බව නිහතමානීව සදහන් කරමු!


ඔබගේ සම්පූර්ණ නම සදහන් කරොත් මුලින්ම?
තිලංක මලින්ද

ඔබ ඉපදුණ ගම් ප්‍රදේශය සදහන් කළොත්?
හොරණ


පාසල් ගියේ?
ශ්‍රී මේධංකර මහ විද්‍යාලය.

උසස් පෙළ විභාගයට පෙනී සිටියේ මොන විෂය ක්ෂේත්‍රයෙන්ද?
කලා විෂයන්ගෙන්.


ඔබට වෘත්තීමය නිරූපණ ක්ෂේත්‍රයට එන්න හිතුනේ මොන කාලයේදීද?
මතක ඇති කාලයක සිට තිබුණ සිහිනයක්...

මතක ඇති කාලය කියන්නේ 2012 වගේද?
ඔව්...ඒකාලයේ ඉදලම වගේ තමයි.


පාසල් යන කාලයේ අපි හැමෝටම හීන තියනවා.ඔබට පාසල් යන කාලයේදී තිබුණ හීනය මොකක්ද?
මගේ තිබුණ ලොකුම හීනය තමයි නිරූපණ ක්ෂේත්‍රයට එන්න තිබුණ ආසාව.ඒක වෙනුවෙන් මම ගොඩක් මහන්සි වුණා.

ගොඩක් මහන්සි වුණා කියන්නේ මොනවද ඔබ මේ හීනය ජය ගන්න ආපු ගමනේදී කාපු කට්ට?
මම ගොඩක්ම මහතයි ඒ දවස්වල... ශරීරයේ සමබරතාව හදා ගෙන ඇග කෙට්ටු කරගන්න තමයි ගොඩක් කට්ට කෑවේ...

ඇත්තටම නිරූපණ ක්ෂේත්‍රයට උසයි/මහතයි බලපානවාද?හැකියාව නෙවෙයිද මූලික වෙන්නේ?
මෙහෙමයි...උසයි පෙනුමයි අනිවාර්යෙන්ම බලපානවා.හැකියාව ගොඩක්ම තියනවා නම් ඒක අමතර වාසියක් වෙනවා.

ඔබට අද දක්වා මේ ගමන එන්න උදවු කරපු පුද්ගලයෝ කවුද?
මුලින්ම මගේ ගෙදර පවුලේ අය,විශේෂයෙන්ම අයියා...හිරාන් කාලිංග අයියා,ප්‍රශානි,බියුමාලි,අශාන්,තිළිණ,හංසක,තරූ... එවගේම ගොඩක් උදවු කරපු අය ඉන්නවා මම මේ වෙලාවේ ඒ අයවත් ගෞරවයෙන් මතක් කරනවා.

ඔබ මෙලෙස නිරූපණ ක්ෂේත්‍රයට අවතීර්ණ වුනේ 'ඇකඩමියක්' මාර්ගයෙන්ද?
මගේ ජීවිතය වෙනස් කරලා ආලෝකමත් කළේ 'වී ඇකඩමිය.' වාසනා දන්තනාරායන මහත්මිය ප්‍රධානත්වය දරන...

ඔබත් සමග 'සත්හඩ පුවත්පතේ, කැදැල්ල' කවරයේ ඡායාරූපයේ පෙනී සිටි ප්‍රශානි ඔබගේ නිරූපණ අරමුණේ සංධිස්ථානයක්ද?
මගේ ලකී ෆොටෝ ෂූට් එක තමයි ප්‍රශානි එක්ක කරපු ඒ ෆොටෝ ෂූට් එක...අපි බලාපොරොත්තු නොවුන විදියට ඒක ගොඩක් දෙනෙක් වැළදගත්තා.මට ඉදිරියට යන්න ලොකු උදවුවක් වුණා ඒ ෆොටෝ ෂූට් එකත්...


ඔබ විවාහකද?නැත්නම් විවාහ අපේක්ෂකද?
නෑ තාම තනිකඩව ඉන්නවා...ඇත්තටම ඊට වඩා මුලින්ම මම මගේ අරමුණු වලට යන්න ඕන ඒකයි අංක එක.

ඔබට ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් හෝ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් නිර්මාණයක රගපාන්න ආරාධනා කළොත් භාර ගන්නවද?
මම ගොඩක්ම කැමති නිරූපණ ක්ෂේත්‍රයට...බලමු ඉතිං ඉස්සරහට නේද...හැමදේකටම වාසනාවත් බලපානවානේ...

ඔහොම කියන ගොඩක් දෙනෙක් අවසානයේදී චිත්‍රපටවල ප්‍රධාන චරිත භාර අරන් නවතින්නේ...කමක් නෑ අපි ඔබට සුබ පතනවා අනාගතේ රිදී තිරයේ දකින්න ලැබෙන්න කියලා.ඔබ ඔබගේ ජීවිතයේ මෙතෙක් ආපු ගමන ගැන තෘප්තිමත්ද?
ඔව් අනිවාර්යෙන්ම...ගමන හෙමින් වුණත් මම ආපු දුර ගැන හැරිලා බලද්දී අවංකවම සතුටුයි ගොඩක්.

ඉදිරි අරමුණු ගැන කෙටියෙන් සදහන් කළොත්?
මගේ එකම අරමුණ මේ ක්ෂේත්‍රයෙන් හොද නමක් හදාගෙන යන්න පුළුවන් උපරිමයටම යන එක.

ලංකාවේ 'කලාව' ගැන ඔබ දකින්නේ මොනවගේ දෙයක්ද?
ජනතාවගේ හදවත් සුවපත් කරන හොද ක්ෂේත්‍රයක්.දැඩි කැපවීමක් ඕන හොද නිර්මාණකරුවෙකු වෙන්නනම්.ඉදිරියට යන්න පුළුවන් කැපවීම සහ අධිෂ්ඨානය තියනවා නම්...
මේ ප්‍රශ්න වලට මම ඔබෙන් කෙළින්ම පිළිතුරු බලාපොරොත්තු වෙනවා...
ඔබ ප්‍රිය කරන රංගන ශිල්පියා?රංගන ශිල්පිනිය?කවුරුන්ද...

රොෂාන් රණවන,පූජා උමා ශංකර්.



ඔබ ප්‍රිය කරන ගීත ගායකයා?ගීත ගායිකාව?කවුරුන්ද...
රුවන් හෙට්ටිආරච්චි,ශෂිකා නිසංසලා.

ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ලෝකයේ අනිත් රටවල් එක්ක සංසන්දනය කළාම අපේ රට කොතනද තියෙන්නේ?
මෙහෙමයි මට හිතෙන විදියට ශ්‍රී ලංකාවේ මොඩ්ලින් ෆීල්ඩ් එක අනිත් රටවල් ගාණට ඉදිරියට එමින් තියෙන්නේ.දැන් ලංකාවෙත් අන්තර්ජාතික මට්ටමේ ප්‍රමිතියේ ෆැෂන් ෂෝස් තියනවා.

ආදරය ලිංගිකත්වය වැනි කාරණාවන් ඔබ දකින්නේ මොන විදියටද?
මම හිතන්නේ ඒක ගොඩක් පෞද්ගලික දෙයක් ප්‍රසිද්ධ නොවන තාක්කල් ඒ දේවල් හොදින් පවතිනවා.
අවසාන වශයෙන් මේ රටේ තරුණ තරුණියන්ට කියන්න තියෙන පණිවුඩය මොකක්ද?
උනන්දුව සහ අධිෂ්ඨානය ඇත්නම් කරන්න බැරි දෙයක් නෑ...උත්සාහ කරන්න අරමුණු වලට යන්න සාධාරණ ක්‍රම වලින්...








සම්මුඛ සාකච්ඡාව මෙහෙයවීම - ඉෂාර ලක්මිණ











විශේෂ ස්තූතිය - 'සත්හඩ පුවත්පත'


*මෙම ලිපිය පිළිබදව සහ මෙහි කරුණු පිළිබදව පූර්ණ අයිතිය 'INSEL Holdings' ආයතනයේ 'Shii Magazine' සතු වන අතර නිසි අවසරයෙන් තොරව මෙහි සදහන් කිසිම කරුණක් උපුටා වෙනත් මාධ්‍යක පළ කිරීම නීතිමය පියවර ගැනීමට හේතු වන කරුණක් බව දන්වා සිටිමු!



0 comments:

Post a Comment