,

ලක්ෂ 3ට මිනී මරන රෝද 4 මිනී මරුවා ලංකාවට?.......


මේ දිනවල ඕපාදූප වෙබ් අඩවිවලින් ඉන්දියාවේ ත්‍රී රෝද රථ නිශ්පාදන ප්‍රධාන සමාගමින් නිපදවන ලද රෝද 4 කින් යුක්ත තීරෝද රථ මාදිලියේ මෝටර් රථයක් පිළිබදව කතාබහක් ශීඝ්‍රයෙන් පැතිර යාමත් සමග අපත් ඒ පිළිබදව සොයා බැලීමක් කිරීමට සමත් වුණා.


ශ්‍රී ලංකාවේ රජය විසින් එකතු කළ අගය මත බද්ධ හෙවත් (වැට් බද්ධ.)ඉන්දියාවෙන් ආනයනය කරන ත්‍රී රෝද රථ සදහා වැඩි කිරීමත් සමග ත්‍රී රෝද රථ වලට ආදේශකයක් ලෙස ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 3ක් වැනි මුදලකට මෙම කුඩා මෝටර් රථය ලංකාව ගෙන්වීමට කිසියම් පිරිසකගේ උනන්දුවක් පවතින බව අපට වාර්තා විය.


ලංකාවේ මහාමාර්ගවල දිනපතා සිදු වන රිය අනතුරු ගැන සළකා බැලීමේදී මෙම කුඩා මෝටර් රථයෙන් ගමන් කරනවා යනු මරණ සහතිකයත් ලග තබාගෙන ගමන් කරනවා වැනි අනතුරුදායක තත්වයකි.ඉන්දීය රජයත් මෙම මෝටර් රථය සදහා අවසර ලබා දී නොමැත.දැනට මෙය ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස පමණක් පවතී.


ඉන්දියාවේ මාධ්‍ය නාළිකාවලින් ප්‍රතික්ෂේප වන ටෙලි නාට්‍ය අඩු වියදමින් හඩකවා මෙරට සමහර මාධ්‍ය නාළිකා මගින් උජාරුවට ජනතාවට තෑගි ලබා දෙමින් බලෙන් පෙන්වීමෙන් ශ්‍රී ලාංකේය සංස්කෘතියට අත් වී ඇති අවාසනාවන්ත ඉරණම මෙන් ඉන්දියාවෙනුත් ප්‍රතික්ෂේප වන මෙම කුඩා මෝටර් රථය ශ්‍රී ලංකාවට වද්දා ගැනීමෙන් මෙරට ජනතාව ලක්ෂ 3 මාරයා වෙත යැවීමක් සිදු වීමට වර්තමාන රජය ඉඩක් ලබා දෙයිද?අප විමසුම් ඇසින් ඒ දෙස බලා හිදිමුද?


මෙම කුඩා මෝටර් රථයට මීටර් 300ට වඩා වැඩි කදු පල්ලම් ඇති මාර්ග සහිත ප්‍රදේශයන්හි ගමන් කිරීම දුෂ්කර වේ.පැයට කිලෝ මීටර් 40ට වඩා වේගයකින් පවා ගමන් කිරීමට මෙම කුඩා මෝටර් රථයට නොහැකි වන්නේ එහි ප්‍රමාණය විරුද්ධ අතට හමන සුළං පීඩනයට ඔරොත්තු නොදෙන නිසාය.ක්ෂණයෙන් කුඩා මෝටර් රථය පෙරළීමට ලක් වේ.


මෙම කුඩා මෝටර් රථය මගින් රථ වාහන තදබදය තවත් වැඩි වේ.මෙහි ඇතුලත ඉඩකඩ සීමිත බව නිසා ගමන් කරන්නන්ට කිලෝ මීටර් 30 ට වඩා වැඩි ගමන් යාමට පවා දුශ්කර වේ.කොන්ද අමාරු/හන්දිපත් වේදනා වැඩි වීමට මෙම කුඩා මෝටර් රථයෙන් ගමන් යාම හේතුවේ.මෙම වාහනයේ කල් පැවැත්ම පවා අවිනිශ්චිතය.අඩුම තරමේ වසරක්වත් මෙම කුඩා මෝටර් රථය භාවිතා කළ හැක්දැයි අනුමාන කළ නොහැක.ඉන්දියාවෙන් මෙරටට පැමිණීමට යන ලක්ෂ 3 මිනී මරුවාට හසු නොවන ලෙස අප ජනතාව දැනුවත් කරමින් සිටීමට කැමැත්තෙමු!


ඉෂාර ලක්මිණ











0 comments:

Post a Comment