,

ෆේස්බුක් මගින් චීන තරුණියක් වල්මත් කළ ශ්‍රී ලාංකික තරුණයා.


මෙරට ඇඟලුම් කම්හල් විශාල ප්‍රමාණයකට බොත්තම් වර්ග, විවිධ ‍ලේබල් ආදිය තොග වශයෙන් සපයන චීන ජාතික යුවළක් සිටිති. ඔවුන්ගේ පදිංචිය අගනුවර සුපිරි මහල් නිවාසයකය. තම මව් රටෙහි ඔවුනට අයත් මෙබඳු අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන විසල් කම්හලක් වෙයි. ඔවුන් මෙරට ඇඟලුම් කම්හල් වලට අලෙවි කරන්නේ එහි සකස් කෙරෙන නිෂ්පාදනයන්ය.

මේ යුවළට දරුවන් නැත. එනිසා මව් රටේ වෙසෙන මෙම කාන්තාවගේ සොයුරියගේ දියණියක ඔවුහු මෙහි ගෙන්වා ගත්හ. එවකට වයස අවුරුදු දහසයක් වූ එම යුවතිය මෙහි සිය ලොකු අම්මා සමීපයේ නතර වී ජාත්‍යන්තර පාසලක අධ්‍යාපන කටයුතු කරගෙන ගියාය.

මේ යුවතිය සමග ෆේස්බුක් සමාජ ජාලා වබේ අඩවිය හරහා එක් තරුණයකු මිතුරු විය. ඔහු මුස්ලිම් ජාතිකයෙකි. මේ තරුණයා සහ යුවතිය අතර ඇතිවූ සම්බන්ධය ඉතා කෙටි කලකින් කොතෙක් දුරදිග ගොස් තිබුණේද යත් ස්කයිප් හරහා ඇයට නිරුවත්ව හිඳින ලෙස දිනක් ඔහු ඇගෙන් ඉල්ලා සිටියේය. මුලදී අදිමදි කළත් පසුව යුවතිය ඊට එකඟ වී තිබිණී. ඒ අනුව යුවතියගේ නිරුවත වීඩියෝගත කර ගන්නට තරුණයා සමත් වූයේය.

මෙසේ කිසි දිනක දෙනෙතින් දැක නොතිබුණත් ඔවුන් අතර ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනැගී තිබිණි. නමුත් තරුණයාගේ නම මිස ඔහුගේ පදිංචිය හෝ වෙනත් කිසිවක් පිළිබඳව දැන ගැනීමට තරුණියට වුවමනාවක් වූයේද නැත. නිතර ස්කයිප් හරහා හමුවන විට පෞද්ගලික තොරතුරු දැන ගැනීමේ උනන්දුවක් ඇය තුළ නොවූවා විය හැකිය.

වීඩියෝ පට සහ ඡායාරූප මගින් යුවතියගේ නිරුවත දුටු තරුණයාට ඇය හා කායිකව එක්වීමේ දැඩි වුවමනාවක් ඇති විය. එක්තරා දවසක නිවසේ කිසිවකු නොසිටි අවස්ථාවක් බලා යුවතිය මෙම පෙම්වතා නිවසට කැඳවා ගත්තේ ඔහු ඉන් පෙර කර තිබූ ඉල්ලීමකට අනුවය. මතෛක් ඔවුන් දැක තිබුණේ අන්තර්ජාලයේ ‘ඔන්ලයින්’ හරහා පමණි. ඒ ඔස්සේ ඔවුහු තම තමන්ගේ සිතැඟි හුවමාරු කර ගත්තද සැබෑවටම ඔවුන් හමුවූයේ මේ මොහොතේදීය. එදා ඇය හා කායික සම්බන්ධයකට එළඹීමට තරුණයා සමත් විය.

ඉන්පසු නැවත ඔවුනට හමුවීමට අවස්ථාවක් ලැබුණේ නැත. මේ අතර යුවතියගේ ලොකු අම්මාට මෙම සම්බන්ධතාවය ඉව වැටිණි. දියණියගෙන් තොරතුරු විමසූ විට ඇය තමා දන්නා තොරතුරු ටික ලොකු අම්මා හමුවේ නොසඟවා හෙළි කළාය. මේ තම සොයුරියගේ දියණිය පමණක් නොව තමාගේද දියණියක ලෙස සැලකූ වැඩිහිටි කාන්තාවට මේ සම්බන්ධයට අනුමැතිය දීම කෙරෙහි සිත දුන්නේ නැත.

“අපි චයිනිස්, එයාලා මුස්ලිම්. අඩු තරමින් ඒ ළමයා අපේ ජාතියට සංස්කෘතියටවත් ගැළපෙන්නෙ නෑනේ. එහෙම වුණාම පහුවෙනකොට දෙන්නා අතරෙ තියන නොගැලපීම් නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ හින්ද ඔය සම්බන්ධෙ නතර කරන්න.”

ලොකු අම්මා දුන් අවවාදය යුවතිය පිළිගත්තාය. ඒ අනුව ඇය ඔහු සමග අන්තර්ජාලය හරහා හමුවීමද නතර කර දැමුවාය. මින් තරුණයාගේ සිත කැළඹිණි. යළි ඇය කොතෙක් නම්මා ගන්නට උත්සාහ දැරුවත් ඇය ඊට එකඟ වූයේ නැත. මින් කෝපයට පත් තරුණයා ඇගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ පට සියල්ල අන්තර්ජාලයට මුදා හරින බව කියමින් තර්ජනය
කළේය. කරන්නට කිසිම දෙයක් නොවූ නිසා ඇය ලොකු අම්මාට සියල්ල හෙළි කළාය. ඉන්පසු ඔවුහු ‍පොලීසියට ගියහ.

නමුත් සිද්ධිය මිස එම තරුණයාට අදාළව ඉදිරිපත් කළ හැකි තොරතුරු යුවතිය සතු වූයේ නැත.  ඔවුන් නිරන්තර මුණගැසී තිබුණේ අන්තර්ජාලය ඔස්සේය. ඔහු පදිංචි ස්ථානයක් ඇය නිශ්චිතව දැන සිටියේද නැත. තරුණයා සම්බන්ධයෙන් ඇය දැන සිටි ලොකුම තොරතුර වූයේ ඔහු කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව සහ ඔහුගේ පියා වෛද්‍යවරයකු බවයි. නමුත් තව සුවිශේෂ තොරතුරක් ඇගේ  ‍පොතක ඇය ඉතා අනපේක්ෂිත අන්දමින් එක්තරා දිනෙක සටහන් කරගෙන තිබිණි.

ඔහු ඇගේ නිවසට පැමිණ ගිය දිනට පසු දිනෙක ඇය මහමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියාය.  එහිදී තවත් මෝටර් රථයකින් ගමන් කරන තරුණයකු ඇයට දැක ගන්නට ලැබුණු අතර ඇය තිගැස්සුනේ ඔහු තමන් හා සම්බන්ධතාවක් පැවැත් වූ තරුණයාට සමාන පෙනුමකින් යුතු වූ හෙයිනි. වඩාත් හොඳින් බැලු විට ඒ ඔහුම බව ඇයට පසක් කර ගත හැකි විය.

ඒ මොහොතේ විශේෂ අවශ්‍යතාවක් නොතිබුණත් ඔහු ගමන් කළ මෝටර් රථයේ අංකය ඇය නිකමට මෙන් තමන් අත වූ ‍පොතක සටහන් කර ගත්තාය. මේ මොහොතේ එය ‍පොලීසියට ඉදිරිපත් කිරීමට ඇයට හැකියාව ලැබිණි.‍

පොලීසිය විසින් කරන ලද රහසිගත පරීක්ෂණයකින් පසු අදාළ මෝටර් රථයේ හිමිකරු මෙම තරුණයා බවත් ඔහු කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් අනාවරණය කර ගත හැකි විය.

ඉන්පසු අධිකරණ නියෝගයක් ලබාගෙන ඔහුගේ නිවසට ගොස් පරිගණකය පරීක්ෂා කිරීමේදී එහි වූ තරුණියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ සොයාගත හැක විය. නීතිමය උපදෙස් මත පරිගණකයේ එම දෘඪකාංගය විනාශ කරනු ලැබූ අතර දෙපිරිසම මේ සම්බන්ධයෙන් නඩු මාර්ගයට පිවිසෙන්නට නොකැමැත්ත පළ කළ නිසා පිරිස සමාදානය වූහ. එසේම නැවත මෙවැනි දේ නොකරන්නටත් යුවතියට කිසිදු බලපෑමක් නොකර ඇගෙන් ඈත් වන්නටත් තරුණයා ‍පොරොන්දු විය.

අපරාධ සහ අපරාධ බුද්ධි තොරතුරු නියෝජ්‍ය ‍පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අවධාරණය කරයි

ඉන්දු පෙරේරා

0 comments:

Post a Comment